kiyawanamuddara.lk

අපිව අලවන මුද්දර

මුද්දරය නිමා නොවන කතන්දරයක ඇරඹුමයිි.
එය මානව වර්ගයේ අභිවෘද්ධිය සහ ජයග්‍රහණ පිළිබඳ වර්ණවත් සිතුවමයි. එය කලා ප්‍රකාශනයකි. ඉතිහාසය සංෂිප්ත කරන මාධ්‍යයකි. අතීතයේ කැඩපතකි. අනාගතයේ පෙරනිමිත්තකි.


  +94777785607








history of stamps

“Stamps are miniature documents of human history. They are the means by which a country gives sensible expression to its hopes and needs; its beliefs and ideals. They mirror the past and presage the future. They delineate cultural attainments, industrial works, domestic, civil and social life. In a word, these vignettes give a vivid picture of the world, its occupants and their multifarious endeavors."

Cardinal Spellman, 1950









avatar

ඕනෑම විෂයක් අධ්යයනය කරන පුද්ගලයින් කොටස් දෙකකින් සමන්විතය. එක් කොටසක් විෂයේ මතුපිට තලයේ [Surface Level] හි අධ්යයනයක නිරතවන අතර තවත් පිරිසක් ගැඹුරු තලයේ [Deep Level] හි අධ්යනය සිදු කරයි. මෙම වෙබ් අඩවියට ඇතුළත් කිරීම සඳහා අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස අපි මුද්දරලෝලීන්, ඉතිහාසඥයින් සහ තැපෑල් සේවය පිළිබඳ සඳහා උනන්දුවක් දක්වන ඔබගෙන් ඉල්ලා සිටිමු. තැපැල් ලිපි ද්‍රව්‍ය, මුද්දර, පින්තූර, ලේඛන, ප්‍රකාශන, පුද්ගලයන් සහ සංවිධාන විසින් ඉටු කරන ලද භූමිකාවන් පිළිබඳ වාර්තා හෝ අනාගත පරම්පරාවන් සඳහා තැපැල් ඉතිහාසයේ නොමැකෙන කතාව අලංකාර කර පොහොසත් කරන ඕනෑම දෙයක් අපි සාදරයෙන් පිළිගනිමු.කම්

ඔබ අවුරුදු 160 කට වඩා පැරණි ලංකාවේ මුද්දර ඉතිහාසයට සම්බන්ධ වී තිබේද? නැත්නම් ඔබට එයට පවුලේ / මුතුන් මිත්තන්ගේ සම්බන්ධයක් තිබේද? මෙම පොහොසත් හා විශ්මය ජනක උරුමය හා සම්බන්ධ මතක සටහන් කිසිවක් ඔබ සතුව තිබේද? ‘ලංකා මුද්දරයේ’ ඉතිහාසය නිදන්ගත කිරීම හා සංරක්ෂණය කිරීම සාමූහික ප්‍රයත්නයක් වන අතර ඔබේ පෞද්ගලික ‘ඉතිහාසය’ අප සමඟ බෙදා ගැනීමට අපි ඔබව දිරිමත් කරමු. ඓතියාසික ඡායාරූප, ලිපි, වාර්තා, කතන්දර සහ යනාදිය සමඟින් ඒවායේ පැතිකඩ සහ ඒවා ප්‍රතිනිර්මාණය උදව් කරන්න. ලංකාව කුඩා දූපත් රාජ්‍යයක් වුවද විශිෂ්ඨ තැපැල් ඉතිහාසයකට උරුමකම් කියයි. එය සෑම සමාජයකම, සෑම අස්සක් මුල්ලක් නෑරම එහි ඵල ළඟා වී මුළු ලෝකයේම පොදු ජන සන්නිවේදනය සහ මහජන සම්බන්ධතාවය ගොඩ නැඟූ විශිෂ්ට සේවාවකි. කරුණාකර අප හා සම්බන්ධ වී ‘ලංකාවේ තැපැල් ඉතිහාසය’ ගොඩ නංවා ගැනීමටත්, අනාගත පරපුරට නොමැකෙන උරුමයක් ලෙසත් ඉදිරිපත් කිරීමටත් දායක වන්න. මෙය ප්‍රජා සේවා ව්‍යාපෘතියක් වන අතර ඒ වෙනුවෙන් ගෙවීමක් කළ නොහැකිවීම ගැන අපි කනගාටු වෙමු. අමතන්න:

avatar




© kiyawanamuddara 2020 | Solution by 4meli.com