20
November
2021
ගංවතුර, නියඟ සහ මුහුදු මට්ටම ඉහළ යාම වැනි දේශගුණික විපර්යාසවල බලපෑම් වැසිකිළි වල සිට පවිත්‍රාගාර දක්වා සියළු සනීපාරක්ෂක පද්ධතිවලට තර්ජනය කරයි. ගංවතුර ජලය වැසිකිළි වලට හානි කර පානීය ජලය අපවිත්‍ර කළ හැකි අතර, එමඟින් මිනිස් අපද්‍රව්‍ය ජනතාව වෙත සහ ආහාර භෝගවලට පැතිරී මාරාන්තික හා නිදන්ගත රෝග ඇති කරයි. දේශගුණික විපර්යාස නරක අතට හැරෙන විට, නිතර නිතර සිදුවන මෙම සිදුවීම් සෞඛ්‍ය ව්‍යසන ඇති කරයි; පරිසරය පිරිහීමට ලක් කරයි.
සෑම වසරකම, ජලය සහ සනීපාරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය (United Nation's coordination mechanism on water and sanitation) නොවැම්බර් 19 දිනය ලෝක වැසිකිලි දිනය (The World Toilet Day) ලෙස නම්කර සමරනු ලැබේ. මෙම වසරේ එම සැමරීම් තේමාව වන්නේ 'වැසිකිළි අගය කිරීම' ('valuing toilets') යන්නයි. ආරක්ෂිතව කළමනාකරණය කළ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශයක් නොමැතිව ජීවත් වන බිලියන 3.6 ක ජනතාවගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම මෙම මුලපිරීමේ අරමුණ වේ. නිසි සනිපාරක්ෂක පහසුකම් නොමැතිවීම මහජන සෞඛ්‍යය, මානව ගරුත්වය, පුද්ගලික ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය අඩාල කරයි. ගෝලීය සනීපාරක්ෂක අර්බුදය විසඳීමට සහ 6 වන තිරසාර සංවර්ධන ඉලක්කය වන 2030 වන විට සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව (water and sanitation for all by 2030) සාක්ෂාත් කර ගැනීමට අපට හැකි වන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට, මිනිසුන් දැනුවත් කිරීමට, සම්බන්ධ වීමට සහ ප්‍රබෝධමත් කිරීමට මෙම දිනය සුවිශේෂී වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, මුද්දර නිකුත් කිරීමේ අයිතිය සහිත එකම ගෝලීය ආයතනයයි. රජයක, ආයතනයක දැක්මට වඩා පුළුල් කෝණයකින් ලෝකය දෙස බැලීමට ඔවුන්ගේ මුද්දර නිර්මාණ අපට හුරුකරයි. ලෝක වැසිකිළි දිනය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ තැපැල් පරිපාලනය (United Nations Postal Administration) විසින් ලෝක වැසිකිලි දින මුද්දර තුනක් 2021 නොවැම්බර් 19 දින නිකුත් කරනු ලැබිණි.
“වැසිකිළි, ජලය සහ සනීපාරක්ෂාව යනු අපගේ ජීවිතවලට වටිනාකමක් එක් කරන වැදගත්ම ක්‍රම තුනකි.” එක්සත් ජාතීන්ගේ තැපැල් පරිපාලනය මෙම මුද්දර වල දෘශ්‍ය නිරූපනයේ වැදගත්කම පිළිබඳව එසේ පවසයි.
එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථාන කාර්යාලය වෙනුවෙන් නිකුත් කරන ලද ඩොලර් ශත 58 (US$ 0.58) ක මුද්දරය මල්, කොළ, තිරිඟු සහ බඩ ඉරිඟු වලින් වට වූ සුදු වැසිකිළියක් පෙන්වයි. "ආරක්ෂිතව කළමනාකරණය කරන ලද වැසිකිලි සහ ජල සේවා අපද්‍රව්‍ය ක්‍රමානුකුලව බැහැර කරන අතර, එමගින් ආහාර බෝග අපවිත්‍රවීම වැළැක්වීමට සහ කෘෂිකර්මාන්තයේ තිරසාර ජලය භාවිතා කිරීම සහතික කරයි" යන්න මින් ගම්‍ය වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගෝලීය ජනගහනයෙන් සියයට 40ක් (බිලියන 3ක් පමණ) සබන් හෝ ජලය නොමැතිව, අත් පිරිසිදු කරගැනීමේ පහසුකම් නොමැතිව ජීවත් වෙති. ඔවුන්ගේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි කාර්යාලයෙන් භාවිතා කිරීම සඳහා නිකුත් කර ඇති ෆ්රෑන්ක් 1 ක (CHF 1) මුද්දරය, හොඳ සනීපාරක්ෂක පිළිවෙත් නියෝජනය කරයි. "විශ්වසනීය සහ දැරිය හැකි මිලකට ජලය සහ සනීපාරක්ෂක සේවා සැපයීම තුලින් COVID-19 සහ කොලරාව වැනි වළක්වා ගත හැකි රෝගවලින් මිනිසුන් ආරක්ෂා කිරීමට උපකාරී වේ" යන්න මින් අරුත් ගන්වයි.
සනීපාරක්ෂක පහසුකම්, කාන්තාවගේ ගෞරවය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන අතර, පෞද්ගලිකත්වයට හානි නොවන ලෙස ඔවුන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.එක්සත් ජාතීන්ගේ ඔස්ට්‍රියාවේ වියානා මධ්‍යස්ථානයේ භාවිතය සඳහා නිකුත් කර ඇති යුරෝ 1 (€ 1) මුද්දරය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින් වෙනුවෙන් නිවසේ, පාසල්වල සහ සේවා ස්ථානවල වැසිකිළිවල වැදගත්කම අවධාරණය කරයි. එම මුද්දරයේ, ගැහැණු ළමයෙකු, පොදු වැසිකිලිවල විවෘත සහ වසා ඇති දොරවල් සහ අධ්‍යාපනයට අදාළ සංකේත රාශියක් ඇත. එවැනි පහසුකම් නොමැතිකම නිසා ස්ත්‍රී දූෂණ හා අපයෝජනයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති බව නොසලකා හැරිය යුතු කරුණක් නොවන බව ඔවුහු පෙන්වා දෙනු ලබයි.
World Toilet Day අන්තර්ජාල වෙබ් පිටුව https://www.worldtoiletday.info/ හෝ #WorldToiletDay සංවාදයට සම්බන්ධවීමෙන්, ලෝකය වැසිකිළි ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න පැහැදිලිකර ගන්න.
ජාතියකට තමන් ගැන ඇති ස්වයං ඉදිරිපත් කිරීමේ අදහසට අදාළ රූප සහ තේමා එකතු කර තැපැල් මුද්දර නිර්මාණය කරනු ලැබේ. එබැවින්, මුද්දරය ජාතියක ස්වයං ප්‍රතිරූපය සහ අනන්‍යතාවය වෙනස් කළ හැකි, සංවාදාත්මක ගොඩනැඟීම, රාජ්‍ය සහ ජාතික ආයතන විසින් ජනනය කරන ලද විවිධ ආධිපත්‍ය ආඛ්‍යාන මගින් දැනුම් දෙන 'සංකේත සහ නිරූපණ' වලින් සැදුම්ලත්, 'සංස්කෘතික නියෝජන පද්ධතියක් ලෙස සැලකේ (A nation’s self-image and identity are amusable, discursive construct, ‘a system of cultural representation’ made up of ‘symbols and representations’ informed by various dominant narratives such as those generated by the state and national institutions.)
කඩදාසි මූර්ති පිළිබඳ විශේෂඥයෙකු වන බ්‍රිතාන්‍ය ජාතික ගේල් ආම්ස්ට්රෝං (Gail Armstrong) මෙම මුද්දර සඳහා මෝස්තර නිර්මාණය කර ඇත. "පිරිසිදු, ආරක්ෂිත සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීම ධනාත්මක බලපෑමක් පමණක් නොවේ. වැසිකිළි ගැන ජනතා ආකල්ප සහ ගැඹුරින් අගය කිරීම, ඒවා අලංකාර කිරීම සහ සැමරීම මා පුදුමයට පත් කළේය. මට අවශ්‍ය වූයේ එම සැමරුම් ආකල්පය මුද්දර මත දැකීමටයි." යනුවෙන් ඇය පවසයි. ඇගේ මුද්දර නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් මෙම යොමුවෙන් නරඹන්න :
මෙම මනරම් සිතුවම් අපට කියා දෙන්නේ මුද්දරය සැබෑ මහජන සම්බන්ධතාවයේ පුරෝගාමී මෙහෙවර බව නොවේද ?
© kiyawanamuddara 2020 | Solution by 4meli.com