kiyawanamuddara.lk

About Us

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


දැනුම්  හුවමාරුව සඳහා දෘෂ්‍යකරණය  (Visualization for the transfer of knowledge) යන තේමාව පෙරටුකොට ගෙන කටයුතු කරනා "කියවන මුද්දර", තැපැල් මුද්දරය ඉගෙනුම් ආධාරකයක්, සන්නිවේදන මෙවලමක් සහ කලා කෘතියක්ය යන අදහස ජනගත කරමින් සමාජ දැනුවත්භාවයට බලපෑම් කළ හැකි ආකාරයේ වැඩසටහන් මෙහෙයවනා ක්‍රියාකාරී එකමුතුවකි.

මුද්දර කියවීම යනු නිර්මාණාත්මක කතන්දරකීමේ කලාවක් සහ  උපාය මාර්ගික ඉගෙනුම් විසඳුමක් වන අතර, එම සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමීත්වය අප සතුය.

වසර 2007දී මුද්දරය, කියවීමේ උපකරණයක් ලෙසින් මේ අදහස සමාජගත කිරීමට මූලිකවූ අප, වර්තමානයේදී  රටක, සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා ඓතිහාසික ප්‍රකාශනයක් ලෙසින් මුද්දරයේ භූමිකාව අධ්‍යයනය,  පර්යේෂණ,  සාහිත්‍යය සහ නිර්මාණාත්මක සංකල්ප සැලසුම්කරණය සඳහා මෙහෙයවන අයුරු ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින්ම සනාත කර ඇත්තෙමු.                         

පොදුවේ නිර්මාණාත්මක සන්නිවේදනය සඳහා පොත් නොවන කියවීමක් (non-book reading) ලෙසින් මුද්දර සාහිත්‍යය රටතුල ප්‍රචලිත කිරිමටත්, අධ්‍යාපනික උපකරණ ලෙස තැපැල් මුද්දරයේ වටිනාකම (postage stamps as pedagogical instruments) පිළිබදව  සමාජය දැනුම්වත් කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය, රාජ්‍ය නොවන සංවිධාන  සමඟ එක්වෙමින් මුද්දර කියවීමේ කඳවුරු හා ජංගම ප්‍රදර්ශන සංවිධානය කරමින්, මහජන පුස්තකාල ආශ්‍රිතව මුද්දර තොරතුරු ඒකක පිහිටුවමින්, දිවයිනේ පාසැල්, පුස්තකාල, විශ්ව විද්‍යාල සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක මෙම ක්‍රමවේදය ප්‍රචලිත කරමින් සිටින්නෙමු.
 

මුද්දරයේ දෘශ්‍ය නිරුපනය (visual representation) සමකාලීන සමාජයේ කැඩපතක් (mirror of contemporary society) යනුවෙන් හඳුනාගන්නා ලෙස අපි ඔබටද ආරාධනා කරමු.

 





නිරෝෂණ පීරිස් 
නිර්මාතෘ, කියවන මුද්දර 

 

ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයේ ඉතා වැදගත් ඉසවු ගවේෂණය කරමින්, ශ්‍රාස්ත්‍රීය ඉසවු වෙත පොදු පාඨකයා රැගෙන යන නිරෝෂණ පීරිස්, විෂය පර්යේෂකයකු ලෙසත්, තොරතුරු සහ දැනුම බෙදාහරින්නෙකු ලෙසත් කටයුතු කරයි. ඔහු, මුද්දර එකතු කිරීමේ විනෝදාංශයෙන් ඔබ්බට වන ලාංකේය මුද්දර සාහිත්‍යය, මුද්දර කියවීම (Stamp reading) දක්වා පුළුල් කිරීමට පුරෝගාමී විය.

තැපැල් මුද්දරයේ සංස්කෘතික උරුමය (cultural legacy of postage stamp) කියවීම දක්වා  රැගෙනයාමට අවැසි පරිසරය සකසන නිරෝෂණ, ශ්‍රී ලංකා පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදයෙන් ලේඛන කලාවට පිවිස ප්‍රබන්ධ නොවන සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දක්වන නිදහස් ලේඛකයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව සහ ජනසන්නිවේදන ඩිප්ලෝමාව මෙන්ම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කලාව සහ සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව හදාරා ඇති ඔහු, කැලණිය විශ්ව විද්‍යාලයේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමාධාරියෙක්ද වෙයි.

සිය ලේඛන කෞශල්‍යයෙන් හැඩවුනු "ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසය" (2007), "පරිසර විසිතුරු මතුකළ මුද්දර" (2008), "මුද්දරය, එදා අද සහ හෙට" (2017) ආදී මුද්දර සාහිත්‍ය කෘති, පුවත්පත්, වාර සඟරා, සමාජ මාධ්‍ය, රූපවාහිනී නාලිකා මගින් නිරෝෂණ ඔහුගේ මෙම අපූර්ව, නිර්මාණාත්මක සහ මැදිහත්කාර ප්‍රවේශය ඉදිරියට රැගෙන යයි.

 

 

උපදේශක මණ්ඩලය 

මෙම නව්‍ය බලපෑම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක තාක්‍ෂණික ප්‍රවීණතාවයත්, ඵලදායි මඟ පෙන්වීමත් අපට නිරතුරු හිමිය.

  • ආචාර්ය  සුමන්ත්‍රි සමරවික්‍රම මහත්මිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා  අධ්‍යක්‍ෂක, වාස්තු විද්‍යා පීඨය, සාමෝධානිත නිර්මාණ අධ්‍යානාංශය, මොරටුව විශ්ව විද්‍යාලය
  • ආචාර්ය රුවන් චින්තක ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනය (NILIS), කොළඹ විශ්ව විද්‍යාලය
  • පි. ජී. පේමදාස මහතා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනය (NILIS), කොළඹ විශ්ව විද්‍යාලය
  • මුදිත කරුණාමුනි මහතා, මහලේකම්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය හා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී, තැපැල් දෙපාර්තමේන්තුව
  • උදිත අලහකෝන් මහතා, සහකාර පුස්තකාලාධිපති හා කථිකාචාර්ය, ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනය (NILIS), කොළඹ විශ්ව විද්‍යාලය
  • අනුර සමරවීර මහතා, ප්‍රවීන ලේඛක, හා ජාත්‍යන්තර මුද්දර මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික
  • පුලස්ති එදිරිවීර මහතා, ජ්‍යෙෂ්ඨ මුද්දර නිර්මාණ ශිල්පී
  • සනත් රෝහණ වික්‍රමසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ මුද්දර නිර්මාණ ශිල්පී හා නිර්මාණ අධ්‍යක්ෂක
  • නෝර්මන් රවිකුමාර් මුතුරාජා මහතා, වරලත් පුස්තකාලයාධිපති, නැගෙනහිර විශ්ව විද්‍යාලය  හා පුස්තකාල ස්වයංක්‍රීයකරණය සහ ඩිජිටල්කරණය පිළිබඳ උපදේශක
  • ගාමිණී අක්මිමන මහතා, සාහිත්‍ය හා ජනමාධ්‍යවේදී, ඩේලි මිරර් පුවත්පත
  • රිසාන් මන්සිල් මහතා, ලේකම් කාර්යාලය, කෘෂිකර්ම ආමාත්‍යංශය
  • එච්. එම්. අබේකෝන් මහතා, හිටපු විදුහල්පති, අනුරාධපුර මාධ්‍ය මහා විද්‍යාලය
  • ආනන්ද බණ්ඩාර මහතා, චිත්‍ර උපදේශක හා උප විදුහල්පති (සහතික), අනුරාධපුර මාධ්‍ය මහා විද්‍යාලය
  • රිනුසා අබ්දුල් බාරි මහත්මිය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
  • ඉර්හාම් සේගුදාවුඩ් මහතා, LLB, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
  • අසිරු  කරුණාරත්න මහතා, තොරතුරු තාක්ෂණ නිලධාරී මැතිවරණ කොමිෂන් සභාව හා ලේඛක 
  • දමිත් වැලිකල මහතා, නිර්මාණාත්මක ලේඛක හා පරිගණක අක්ෂර නිර්මාණ ශිල්පී
  • කලවර්ෂිනි දීනකරන් මෙනවිය, ජනමාධ්‍යවේදිනී, ලේඛිකා
  • සඳරුවන් ලියනාරච්චි මහතා, ප්‍රලේඛන සේවා නිලධාරී, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, කියවීම් ප්‍රවර්ධන හා රසවින්දන දේශක
  • දුලක්ෂි කුලතුංග මෙනවිය, දෘශ්‍ය කලාවේදී, චිත්‍ර ගුරු,ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 


 





© kiyawanamuddara 2020 | Solution by 4meli.com