kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


10
October
2021

පාත්ෆයින්ඩර්ස් මුද්දර ප්‍රවීණතා කුසලතා වැඩමුළුව

පාත්ෆයින්ඩර්ස් (Pathfinders) යනු හත්වන දින ඇඩ්වෙන්ටිස්ට් පල්ලියේ (Seventh-day Adventist Church - SDA) විශේෂයෙන් සකසන ලද ක්‍රියාකාරකම් පදනම් කරගත් ජාත්‍යන්තර නිල ඇඳුමක් සහිත සංවිධානයකි. සිය ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි අධ්‍යාත්මික අවධාරණයක් ලබා දෙන අතරතුරම, ළමයින්ගේ සහ නව යෞවනයන්ගේ සංස්කෘතික, සමාජීය හා ආගමික අධ්‍යාපනය සමඟ පුළුල් පරාසයක කුසලතා වර්ධනය වෙනුවෙන් කටයුතු කරනා බාලදක්ෂ ව්‍යාපාරයට බොහෝ ආකාරවලින් සමාන වූ මෙම සංවිධානය, පුහුණු ස්වෙච්ඡා සේවකයන් විසින් මෙහෙයවනු ලබයි.
මෙහි අධාපනික වැඩසටහන් වෙනුවෙන් නිර්දේශිත "මුද්දර ප්‍රවීණතා කුසලතා ගෞරව පන්තිය" වෙනුවෙන් අවැසි මඟ පෙන්වීම ලබාදීමේ අවස්ථාව "කියවන මුද්දර" අප හට හිමිවිය. විශාල සහභාගිත්වයක් සහිතව සිංහල හා දෙමළ බසින් මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරම්භක වැඩමුළුව  2021 ඔක්තෝම්බර් 10 වන දින පැවැත්වුණි. 
මේ සඳහා ඉතා උද්යෝගිමත් සහභාගීත්වයක් ලැබුණු අතර, ඒ හා සමාන විශාල උනන්දුවකින් මූලිකත්වය ගත් එලන් රෝස් මහත්මිය ඇතුළු  සහභාගී වූ සැමට අපගේ ස්තුතිය.  
මෙහි දෙවන අදීයර සමඟින් අපි නැවතත් ලබන සතියේ හමුවෙමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com