08
November
2021
හොරණ තක්ෂිලා මාධ්‍ය විද්‍යාලයීය මුද්දර සංගමය, බාලදක්ෂ සංගමය සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරන ලද "කියවන මුද්දර" වැඩසටහන 2021 ඔක්තෝබර් 08 දින පස්වරු 6.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ උද්යෝගීමත් සිසු, සිසුවියන් රැසක් සමඟින් ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවිය.
මෙවැනි ඉගෙනුම් අවස්ථා බහුල කරමින්, දරුවන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතා වර්ධනයට විදුහලින් ලබාදෙන ආදර්ශය අගය කල යුතු අතර, විදුහල්පතිතුමන් සහ ගුරු මණ්ඩලයේ කැපවීම මෙහිදී විශේෂයෙන් මතක් කල යුතුය.මේ සඳහා මූලිකත්වය ගනු ලැබූ ආදී බාලදක්ෂ සංගමයේ දීප්ති හතුරුසිංහ මහතා ඇතුළුව බාලදක්ෂ සංගමයට අපගේ හෘදයාංගම ස්තුතිය මෙසේ පළ කරන්නෙමු.
ශ්‍රී ලංකාවේ තැපැල් සේවයේ ඉතිහාසය, මුද්දර ඉතිහාසය, මුද්දරයේ දෘශ්‍ය කියවීම සහ තක්ෂිලා විදුහල් ඉතිහාසය සමග මුද්දරය ගැලපීමට අදාලව සිදුකල මෙම දේශනයට සිසු දරුවන්ගේ ප්‍රතිචාරය ඉතා ඉහලය. මුද්දර දෙස අලුත් ඇසකින් දැකීමට ඔවුන්ට හා එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට පාසැල් මුද්දර තොරතුරු ඒකකයක් ඔවුනට පිටිවහල් වන ඉදිරි පියවරක් වනු ඇත.
ඉදිරි අනාගතයේදී තවත් අලුත් පියවරයකින් අපි හමුවෙමු.
එතෙක් අලුත් වෙමින් හිතවත්කම්, මුද්දරයෙන් දැනමුතුකම් .
© kiyawanamuddara 2020 | Solution by 4meli.com