kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


12
September
2026

“මුද්දරයෙන් කියන කතා” සාර්ථකව නිමාවට!

අපගේ ඉතිහාසය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරම්පරා ගණනක මතකයන් මුද්දර හරහා ලේඛන ගත කර තබා ගන්නා ආකාරය ගැන කියා දුන් “මුද්දරයෙන් කියන කතා” වැඩමුළුව සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදා කොළඹ මහජන පුස්තකාලීය "මතක සංචිත" පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

දූ දරුවන්ගේ සක්‍රීය සහභාගීත්වය සහ උනන්දුව මැද පැවැත්වුණු මෙම වැඩසටහන, මුද්දර එකතු කිරීමේ ආශාව මෙන්ම අපගේ අතීත උරුමය පිළිබඳ නව දැක්මක් දරුවන්ට ලබා දීමට සමත් විය.

මතක සංචිතය (Archive of Memory) සහ ඓතිහාසික සංවාද හා මතකය සඳහා වූ එකමුතුව (Collective for Historical Dialogue and Memory) සමඟ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබූ මෙම සුන්දර වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය වූ සහ සහභාගී වූ සැමට අපගේ හදපිරි ස්තූතිය! 

 
 


© kiyawanamuddara 2020 | Solution by 4meli.com