27
April
2025
රත්නපුර මහජන පුස්තකාලය මගින් තිරිවනාකැටිය මුවන්තැන්න ශ්‍රී සුචරිත දහම් පාසලේ 2025 අප්‍රේල් 27 වන දින කියවීම් කඳවුරක් පවත්වන ලදී. එහිදී
"කියවන මුද්දර" අප විසින් රත්නපුර මහජන පුස්තකාලයේ නිර්මාණය කල මුද්දර තොරතුරු ඒකකයේ ඉගෙනුම් සම්පත්, කියවීම් ප්‍රවර්ධනය සඳහා නොඅඩුව භාවිතා කර තිබීම අපගේ ඉමහත් සතුටට හේතුවේ.
නාගරික කොමසාරිස් අරුණ එන්. ප්‍රේමරත්න මහතාගේ මඟ පෙන්වීමෙන්, දරුවන් වෙනුවෙන් කියවීම් වැඩසටහන් ක්‍රියාවට නැංවීම යන අරමුණ සාක්ෂාත් කරගනිමින් "ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන් ය" යන තේමාව යටතේ විශාල වැඩසටහන් ගණනක් මෙහෙයවන රත්නපුර පුස්තකාලයේ පුස්තකලයධිපතිනිය උත්තලා නයනි මෙනවිය ඇතුළු ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලයේම ක්‍රියාශීලී මැදිහත්වීම අපි ඉතා අගය කොට සලකමු.
එන්න, ඔබත් මුද්දරයෙන් පුළුල්වන අධ්‍යාපනයේ නිම වළලු අවබෝධ කර ගැනීමට මුද්දර කියවීම ප්‍රගුණ කිරීමට එකතු වෙන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com