kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


29
October
2024

රූපයක් යනු තොරතුරකි,කියවීම් කඳවුර - සීවලී මධ්‍ය විද්‍යාලයීය පුස්තකාලය- 2024

රූපයක් යනු තොරතුරකි.එය තැපැල් මුද්දරය සදහා ඉතා සුක්ෂම සහ බරපතල ලෙස සලකාබැලිය යුතුය.තැපැල් මුද්දරයක් පිටුපස ඇති අර්ථයන් සහ පණිවිඩ විශ්ලේෂණය කිරීම සහ අර්ථ නිරූපණය කිරීම සඳහා  මුද්දරය කියවීම අත්‍යවශ්‍ය කරුණකි.එකතුවකින් ඔබ්බට ලෝකයක් දකින්න ඔබත් කියවන්න හුරුවෙන්න.
ජාතික කියවීමේ මාසය නිමිති කරගනිමින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය පුස්තකාලය මඟින් සංවිධානය කරන ලද "මග කියනා තරු ය අකුරු - පොත් කියවමු දිනමු මිතුරු" තේමාව රැගත් කියවීම් කඳවුර 2024.10.29 සහ 30 යන දෙදින 6 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් ර/ සීවලී මධ්‍ය විද්‍යාලයේ දී පැවැත්විණි.
අන්තර් පුස්තකාල සහයෝගීතාව යටතේ මෙම කියවීම් කඳවුර සඳහා මුද්දර කියවීම වෙනුවෙන් සම්පත්දායකත්වය රත්නපුර මහජන පුස්තකාල මුද්දර කියවීම් ඒකකය මඟින් ලබාදුණි. 
කියවීම් කඳවුර වෙනුවෙන් රත්නපුර මහජන පුස්තකාලය සම්බන්ධ කරගත් ර/ සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමාට, පුස්තකාලයාධිපතිතුමියට සහ ඒ සඳහා අනුමැතිය ලබාදුන් රත්නපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමාට, නාගරික ලේකම්තුමාට ස්තුතිවන්ත වෙමු.

රත්නපුර මහජන පුස්තකාලය 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com