kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


05
June
2024

පරිසර සංරක්ෂණය සඳහා තැපැල් මුද්දරයේ දායකත්වය

මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශය "ලෝක පරිසර දිනය" නිමිතිකර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හි සංවිධානය කරන ලද PaperEX පරිසර හිතකාමී ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ  ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජූනි 05 වන දින  පැවැත්විණි. සොබාදහම  සහ සංරක්ෂණය පිළිබඳව ප්‍රජාවගේ දනුම්වත්භාවය ඉහල නැංවීම සඳහා පරිසර මුද්දර මූලික කරගත් වැඩසටහනක්  මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වුණි. වසර 2008 දී අප විසින් රචනා කරන ලද "පරිසර විසිතුරු මතුකළ මුද්දර - පරිසර සංරක්ෂණහිලා තැපැල් මුද්දරයේ දායකත්වය" නම්  කෘතියේ ප්‍රයෝගිකත්වය නැවත වරක් සනාත කිරීම සඳහා අනඟි අවස්තාවක් මෙහිදී අප වෙත හිමිවිය. 

පරිසර තේමාව සහිත සමරු මුද්දර රැසකින් අපගේ මුද්දර ඉතිහාසය වර්ණවත් වී ඇති නිසා, මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා ඒවා කදිම දෘශ්‍ය මූලාශ්‍ර වේ. පරිසරය පිළිබඳව ස්වයං ශික්ෂණය (self discipline) ඇතිකිරීම සංරක්ෂණයේ මූලික උපායමාර්ගයක් වන බැවින්, ඒ සඳහා ඉතා නිර්මාණශීලිව සහ ප්‍රජා සහභාගීත්වය ඉහලනංවා ගැනීමට පරිසර මුද්දර ප්‍රයෝගික සාර සන්නිවේදන මාධ්‍යයක් බව අත්දැකීමෙන්ම විඳ වටහා ගැනීමට සහභාගීවූවනට හැකිවූ බව අප ලද බොහෝ උද්යෝගීමත් ප්‍රතිචාර ප්‍රත්‍යක්ශ කරයි. 

මෙම අවස්ථාව ලබා දීම වෙනුවෙන් විශේෂයෙන්ම මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අබේරත්න මහතා  මෙන්ම කරුණාරත්න මහතා ඇතුළුව ඊට සහාය ලබාදුන් සියලුම දෙනාටත්, KCC කාර්ය මණ්ඩලයට සහ ප්‍රදර්ශනය  සමඟ එක්ව අපව දිරිමත් කල සියලුම දෙනාටත් සුවිශේෂී ප්‍රණාමය.

ජායාරූප අනුග්‍රහය: සොයුරු රුවන් මීගම්මන 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com