26
October
2023
ජාතික කියවීමේ මාසයට සමගාමීව හලාවත ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සමූහය එක්ව සංවිධානය කරන ලද "කියවන මුද්දර" වැඩසටහන 2023 ඔක්තෝබර් 26 දින හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. හලාවත ප්‍රාදේශීය සභාවේ මඟ පෙන්වීම යටතේ මාදම්පේ මාධ්‍ය පුස්තකාලයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල් දුවාදරුවන් රැසක් සමඟින් යගම්පත්තුව, මැදගම, කවිටාගාරය, මැරවල, පුංචි විලත්තව, ගල්මුරුව, කාකපල්ලිය, මුන්නේස්වරම සහ මහගම යන ශාඛා පුස්තකාලයන්හි පාඨක සමාජ නියෝජිතයින්, ගුරුවරුන් හා එම පුස්තකාල කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.
ඒ සඳහා හලාවත ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ මෙන්ම මාදම්පේ සේනානායක ජාතික පාසලේ ගරු විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පති හිමියන්, ගුරු භාවතුන් සහ පාසල් පුස්තකාලයේ සහාය නොමදව හිමිවිය.
කියවීමේ හැකියාවන් සහ ක්‍රමවේද වැඩිදියුණු කිරීමේ විකල්ප කියවීම් ද්‍රව්‍යයක් ලෙසින් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිර්දේශ කරන ලද "මුද්දර කියවීම" වයඹ පලාත තුල ප්‍රවර්ධනය කිරීමට ගත් මෙම මූලික පියවර ඉතා සාර්ථක වූ බව අප වෙන ලැබෙන ප්‍රතිචාර සාක්ෂි දරයි. මෙම වැඩසටහනෙහි අතිශය සාර්ථක වෙනුවෙන් සහාය වූ සියළුමදෙනා වෙත "කියවන මුද්දර" අපගේ ස්තුතිය පිරිනමමු.
මුද්දර කියවීම තවදුරටත් ඵලදායී ලෙස ව්‍යාප්ත කිරීම උදෙසා මීළඟ පියවර ලෙසින් "මුද්දර තොරතුරු ඒකකයන්" පිහිටුවීම සඳහා මාදම්පේ මාධ්‍ය පුස්තකාලය සමගින් එක්ව කටයුතු කිරීමට අපගේ නිබඳ සහාය ඔවුනට හිමි වනු ඇත.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com