15
October
2023
2023 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් රත්නපුර මහජන පුස්තකාලය සහ ශාඛා පුස්තකාල එක්ව සංවිධානය කරන තරඟ වැඩසටහනෙහි කණිෂ්ඨ අංශය සඳහා පවත්වන ලද මුද්දර කියවීමේ තරඟය 2023 ඔක්තෝබර් 13 දින රත්නපුර මහජන පුස්තකාලයේ දී පැවැත්විණි.
පුස්තකාලයේ මුද්දර ඒකකයේ තොරතුරු සහ පොත් පත් ඇසුරු කරගෙන තෝරාගත් එක් මුද්දරයක් පිළිබඳ නිර්මාණාත්මක තොරතුරු එකතුවක් සකස් කිරීමට මෙහිදී දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.
ජාතික කියවීමේ මාසය තුල සමරු මුද්දර භාවිතා කරමින් විශේෂිත සහ නිර්මාණාත්මක කියවීමේ වැඩසටහන් සංවිධානය කල පුස්තකාල අතුරින් රත්නපුර මහජන පුස්තකාලය මුල්තැනක් ගනී.
2021 පෙබරවාරි 21 දින සබරගමු පළාත් පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයෙන් සමාරම්භ වූ "කියවන මුද්දර" වැඩසටහනේ කොටසක් ලෙස පුස්තකාලයට ලබාදුන් "මුද්දර ඒකකය" එතැන් සිට අද දක්වාම සක්‍රියව ක්‍රියාත්මක වෙමින් පැවතීම ඉතා සතුටුදායක තත්වයකි. සර්වෝදය ආයතනය මගින් කළමනාකරණය කරන ලද Awareness with Human Action (AHA) ව්‍යාපෘතියේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කෙරුණු මෙම මධ්‍යස්ථානය තිරසාර සමාජ සංවර්ධනයක් සඳහා කැපවී කටයුතු කිරීම පැසසුම් සහගතය.
"ලෝකය අයිති කියවන්නාට ය" යන්න මෙවර කියවීම් මාසයේ තේමා පාඨයයි. එහි නිර්මාණ අයිතිය සතු රත්නපුර මහජන පුස්තකාධිපතිනිය මේ කටයුතු වල මූලිකත්වය ගෙන ඇගේ කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සමඟ මෙම කටයුතු සිදු කරයි.
අලුත් විදිහට හිතන, අලුත් විදිහට කටයුතු කරන රත්නපුර මහජන පුස්තකාලයේ සැමට අපගේ ප්‍රණාමය ...
© kiyawanamuddara 2020 | Solution by 4meli.com