08
October
2023
පසුගිය සැප්තැම්බර් 15 සිට 21 දක්වා මහනුවර ඊ. එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති "කාලය ඇවිත්" ජංගම ඉතිහාස කෞතුකාගාරයේ තොරතුරු කියන "අරුණ" පුවත්පතේ අපුර්ව සටහන ......
කෞතුකාගාර ප්‍රදර්ශනයක් කියූ සැනින් බහුතරයකගේ මතකයට එන්නේ අතීතයේ සිට පවතිනා රටේ, ජාතියේ උරුමයන් ප්‍රදර්ශනය කිරීමක් බවයි. එහෙත් මෙම ප්‍රදර්ශනය එයට පමණක් සිමා නොවන විකල්ප ඉතිහාසය හැදෑරීමේ සහ කියවීමේ ජංගම ප්‍රදර්ශනයක්. අතීත උරුමය පමණක් නොව සමකාලීන ඉතිහාසය නැතොත් ඊයේ දවසත් අපගේ ඉතිහාසයේ කොටසක් ලෙස දකින්නට මේ ප්‍රදර්ශනය අපිට මඟ පෙන්වනවා.
මුද්දර සහ මුද්දර නොවන නමුත් අදාළ ද්‍රව්‍ය ඇතුළු තැපැල් අයිතම එකතුවක් හරහා සන්නිවේදනය වන සමාජ ඉතිහාසය කියවීම හා අධ්‍යයනය තුළින් මුද්දර එකතු කිරීමේ විනෝදාංශයෙන් ඔබ්බට එකතුකරන්නන් රැගෙන යාමට අපට හැකි වෙනවා. එමෙන්ම, මුද්දර එකතු නොකරන්නන් හට ද මුද්දරය අති නවීන සංස්කෘතික හුවමාරුවක කොටසක් ලෙස සලකමින්, ඉතිහාසය පිළිබඳ නිර්මාණාත්මක ඉගෙනීම සහ ඉගැන්වීම පිළිබඳව වටහාදීමට "කියවන මුද්දර" අපිට මෙම ප්‍රදර්ශනය ප්‍රයෝගික අවස්ථාවක් වුනා.
ඉතිහාස කෞතුකාගාර සදහා ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික සමාජය, මලයගම් ප්‍රජාව ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සරය සහ ලෝකය ජයගත් ශ්‍රී ලාංකිකයෝ යන තේමාවන් තුන දින හත පුරාවටම අපි භාවිතා කරනු ලැබුවා. මෙහිදී මුද්දරය, ඉතිහාසය කියවීමේ සහ ලිඛිත නිල සහ අධිකාරිය සහිත මුලාශ්‍රයක් ලෙස පැහැදිලි කර දැනුම් දීමට අපට හැකි වුනා. තේමාත්මක පැහැදිලි කිරීම්, මුද්දර සාහිත්‍යය සහ සාමාන්‍ය කියවීම පිළිබඳ දැනුවත් කිරීම් සඳහා දෘශ්‍ය මූලාශ්‍ර ලෙස අපි විශාල කරන ලද අතීත සහ මෑත කාලීන තැපැල් මුද්දර 400කට අධික ප්‍රමාණයක් භාවිතා කළා. වැඩිදුර කියවීම සඳහා අපි සැබෑ මුද්දර, මුල් දින කවර, මුද්දර සිහිවටන පත්‍ර, විදේශීය මුද්දර, පොත්පත්, තැපැල්පත්, පින්තූර, පුවත්පත් ලිපි, අචාර්ය උපාධි නිබන්දන (PHD) පර්යේෂණ වාර්තා, පෝස්ටර්, බැනර් සහ මුද්දර නිර්මාණවල මුල් පිටපත්වල ආදර්ශ භාවිතා කරනු ලැබුවා.
තැපැල් මුද්දරය සහ ඉතිහාසය අතර ඇති නව්‍ය සම්බන්ධය ගැන තමන් අසා ඇති පළමු අවස්ථාව මෙය බව ප්‍රදර්ශනයට සහභාගි වුවන්ගේ ප්‍රතිචාර සාක්ෂි දරන අතර, මෙවැනි විකල්ප ඉතිහාසය නිර්මාණාත්මකව ඉගෙනගැනීම සදහා මඟ පාදන බව ඔවුන් අප සමඟ සදහන් කළා.
මහනුවරදී වගේම ඉදිරියේදී කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, වවූනියාව සහ ගාල්ල යන නගරවලදී "කාලය ඇවිත්" දැකගැනීමට හැකි වේවි.
එවිට ඔබත් මේ අපුර්ව සවාරිය රස විඳින්න එක් වෙන්න.
විශේෂ ස්තුතිය සහ පිංතුර අනුග්‍රහය: සෞම්‍යා අමරසිංහ, තරින්ද මල්ලවාරච්චි ඇතුළු SEARCH කණ්ඩායම.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com