kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


31
March
2023

කැලණිය විශ්ව විද්‍යාලයේ පොත්ගුල් කලාගාරය සහ කෞතුකාගාර දැයට දායාද කිරීම

කැලණිය විශ්ව විද්‍යාලයට වසර 60ක් සම්පුර්ණවීම සමරනුවස් නිර්මාණය කරන ලද පොත්ගුල් කලාගාරය සහ කෞතුකාගාරයේ සමාරම්භය 2023 මාර්තු 30 දින සිදුවිය. ඊට සමගාමීව කැලණිය විදුපියසෙහි ඉතිහාසය අළලා සම්පාදිත ඓතිහාසික පුනරාවලෝකනය ග්‍රන්ථය දොරට වැඩීමද සිදුකෙරිණි. මෙරට විශ්ව විද්‍යාලයක් තුල මේ ආකාරයේ පොත්ගුල් කලාගාරයක් සහ කෞතුකාගාරයක් නිර්මාණක් ස්ථාපිත වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

විද්‍යාලංකාර පිරිවෙනේ සිට කැලණිය විශ්ව විද්‍යාලය දක්වා වූ සුවිශේෂී ගමන්මඟ අලුත් ප්‍රවේශයකින් කියවාගැනීම සදහා තැපැල් මුද්දරය මූලාශ්‍රයක් කරගන්නා අයුරු දැක්වෙන ප්‍රදර්ශකයක්, සමරු මුද්දර, මුල්දින කවර සහ ඒ ආශ්‍රිතයන්ගේ එකතුවක් කෞතුකාගාරයේ ප්‍රදර්ශිතය. කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්ථකාලයාධාරී ආචාර්ය සී. සී. ජයසුන්දර මහතාගේ අනුදැනුම පරිදි එම එකතුව නිර්මාණය කිරීමට සහාය වීමට "කියවන මුද්දර" අපට අවස්ථාව හිමිවිය. මෙරට විශ්ව විද්‍යාලයක් තුල මෙවැනි තැපැල් මුද්දරය මූලාශ්‍රයක් කරගන්නා අයුරු දැක්වෙන එකතුවක් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාවද මෙය වන අතර ඉදිරියේදී එය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ඉගෙනුම් ආධාරකයක් (learning aid) සහ තොරතුරු මූලාශ්‍රයක් (source of information) ලෙස තැපැල් මුද්දරයේ වටිනාකම විශ්ව විද්‍යාලයීය ප්‍රජාව තුල ප්‍රචලිත කිරීමට ගත් මෙම සමාරම්භක පියවර දිගු ගමනක් මුල් පියවරක් වනු ඇත. එම ගමනට අපේ සුබ පැතුම්.

මෙම ඓතිහාසික කටයුත්තට "කියවන මුද්දර" අප සහභාගී කරගත් විශ්ව විද්‍යාල පුස්ථකාලයාධාරී ඇතුළු සමස්ත පුස්තකාල කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com