kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


28
April
2023

මීගමුව ශාන්ත පීතර විද්‍යාලය - කොළඹ 4 ශාඛාවට

2023 අප්‍රේල් 28 දින ශාන්ත පීතර විද්‍යාලය - කොළඹ 4, මීගමුව ශාඛාවට ඉතා වැදගත් දිනයකි. ගරු විදුහල්පති /රෙක්ටර් දයා දර්ශන පෙරේරා පියතුමන් ගේ උපන්දිනය එදිනට යෙදී තිබුණු අතර, එය වඩාත් අර්ථවත් කිරීම සඳහා විද්‍යාලීය "මුද්දර තොරතුරු ඒකකයේ " පළමු අදියර එම උපන් දින සැමරුමට සමගාමීව ආරම්භ කිරීමට අපට හැකි විය. ගම්පහ දිස්ත්‍රික්කය තුල ඇති ප්‍රථම හා එකම මුද්දර තොරතුරු ඒකකය ලෙසින් ශාන්ත පීතර විද්‍යාලය - කොළඹ 4, මීගමුව ශාඛාව තැබූ මෙම පියවර ඉතා ප්‍රසංසනිය වේ.

නිහඩ කියවීමට පමණක් සීමාවී තිබු පාසල් පුස්තකාලය, ක්‍රියාකාරී ඉගෙනුම් මධ්‍යස්ථනයක් බවට පත්කිරීමේ එක් පියවරක් ලෙස "මුද්දර කියවීම" හඳුන්වාදීමට පුරෝගාමී වූයේ පුස්තකලාධිපතිනිය ලෙස කටයුතු කරන සුමේධා මධුභාෂිණි ප්‍රනාන්දු මහත්මියගේ අප්‍රතිහත කැපවිමෙනි. ගරු විදුහල්පතිතුමන්ගේ හා නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගේ ආශිර්වාදයත්, විදුහලේ බාලදක්ෂ උපදේශක රෝයි ප්‍රනාන්දු මහතාගේ දායකත්වයත්, ගුරු භවතුන්ගේ සහ සිසු සිසුවියන්ගේ නොමඳ සහායත් හමුවේ මෙම කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකිවීම ජයග්‍රහණයකි.

විනෝදාංශයක් ලෙසත්, විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙසත්, ඉගෙනුම් ආධාරකයක් සහ කියවීමේ මෙවලමක් ලෙසත් සමරු මුද්දරයේ වටිනාකම හඳුනාගැනීමට ඉතා උද්‍යෝගයෙන් සහ බලාපොරොත්තු සහගතව පෙළගැසුණු සිසු දරු දැරියන් හා ගුරු භවතුන් ඇතුළු සැම වෙනුවෙන් මෙහි දෙවන පියවර නොදුරේදීම සම්පූර්න කිරීම අපගේ බලාපොරොත්තුවයි.

ශාන්ත පීතර විද්‍යාලය - කොළඹ 4, මීගමුව ශාඛාවේ පුස්තකාලය වැඩෙන පුස්තකාලයකි. එහි ප්‍රගමනය සඳහා මුද්දර සාහිත්‍යයෙන් දායකවීමට "කියවන මුද්දර" අපට අවස්ථාව හිමිවීම සැබෑ සතුටකි. එයට දායක වූ සැමට ස්තුති.

 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com