07
February
2023
5 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom”ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරිණි. යටත්විජිත යුගයේ සිට 1948 ඩොමිනියන් නිදහස ලබන තෙක් සහ 1972 පුර්ණ නිදහස් රටක් බවට පත්වන තුරු ඉතිහාසයේ සුවිශේෂී මඟ සලකුණු නිදහසේ ගමන් මඟ මෙම ප්‍රදර්ශනදී ඔබට දැකබලා ගැනීමට හැකිවේ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෙම කටයුත්ත සංවිධානය කර තිබේ. ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා සිට 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේදී පැවැත්වේ.
ජාතීන් සහ රාජ්‍යයන් ඔවුන්ගේ ඉතිහාස කතා ලියන්නේ වචනවලින් සහ භාෂාවෙන් පමණක් නොවේ. සියලු ආකාරයේ කලා නිර්මාණ සහ ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළත් දෘශ්‍ය නිරූපණයන් එහි අන්තර්ගතය. ජාතික ගී, නිල ඇඳුම්, සිතියම්, කවි, ගීත, ධජ, කාසි, මුදල් නෝට්ටු, තැපැල් මුද්දර සහ මුද්‍රා මීට ඇතුලත්ය. ඉතිහාසය කියවීම සඳහා මෙම වස්තූන් මූලාශ්‍ර ලෙස සැලකෙන අතර, පොත් නොවන කියවීම් ලෙසද වර්ග කෙරේ. පොහොසත් සහ විචිත්‍රවත් සංකේත තුළ සැඟවී ඇති පණිවුඩ කියවා ගැනීම සහ හෙළිදරව් කරගැනීම සඳහා මූලාශ්‍ර භාවිතය ඉතා වැදගත්ය.
සාමාන්‍ය පාඨකයාගේ ඇස නොගැටෙනා දුර්ලභ හා වැදගත් ග්‍රන්ථ, පුස්කොළපොත්, අත්පිටපත්, මුද්දර සහ චිත්‍ර මෙහි ප්‍රදර්ශනය කෙරේ. මුද්දර ගබඩාවේ ඓතිහාසික අන්තර්ගතයට සමාජ ආර්ථික ඉතිහාසය සම්බන්ධ කිරීම නැතහොත් Social Philately (සමාජීය මුද්දර විනෝදය) හඳුනාගැනීම සඳහා මෙම ප්‍රදර්ශනය කදිම ප්‍රවේශයක් වනු ඇත.
ඉතිහාසය කියවීම සඳහා තැපැල් මුද්දරය දෘශ්‍ය මෙවලමක් ලෙස භාවිතා කිරීමේ සාකච්ජාව තව දුරටත් ඉදිරියට ගෙනයාම සඳහා ප්‍රදර්ශක සහ සමරු මුද්දර අතර ඇති සම්බන්ධතාව හඳුනා ගැනීම සඳහා ඔබත් මෙම ප්‍රදර්ශනය නරඹන්න.
"මුද්දර එකතු කිරීම: එකතු කළ හැකි වස්තුවක සමාජ ගොඩනැගීම" (Stamp Collecting: the Social Construction of a Collectible Object) හඳුනාගැනීම සඳහා ඔබත් මුද්දර මතක අතරින් මතක මාවතේ පියනගන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com