kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
January
2023

**2023 නව සමරු මුද්දර වෙනුවෙන් නිර්දේශිත

"2023 වාර්ෂික මුද්දර වැඩසටහන සඳහා යෝජනා ලබා ගැනීම ශීර්ෂය" යටතේ 2023 ජනවාරි 19 දින දාතමින් මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂකතුමන් ගෙන් අප වෙත ලද ලිපිය අනුව පහත "කියවන මුද්දර" යෝජනා 2023 වර්ෂය වෙනුවෙන් නිර්දේශ වී ඇති බව සතුටින් දන්වමු.

**1. නිදහස් පරලිමෙන්තුවේ 75 වන සංවත්සරය වෙනුවෙන් එච්. ආර්. ප්‍රේමරත්න මහතා විසින් සිතුවම් කරන ලද ඓතිහාසික සිතුවම සහිත මුද්දරය **

**2. අම්පාර හාඩි උසස් තාක්‍ෂණ ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය එවන් ඇලන් හාඩි මහතා **

මුද්දර සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා කියවිය හැකි සමරු මුද්දර නිර්මාණය කිරීමට පසුගිය වසර කීපය පුරා අඛණ්ඩව මුද්දර යෝජනා ඉදිරිපත් කලද ඊට කිසියම් හෝ විධිමත් ප්‍රතිචාරයක් හිමි වූයේ මේ වසරේ පමණි.

ඒ වෙනුවෙන් හා මෙම යෝජනා සලකා බැලීම වෙනුවෙන් මුද්දර උපදේශක මණ්ඩලයට, මුද්දර කාර්යාංශයේ නව අධ්‍යක්ෂක තුමන්ට සහ මුද්දර කාර්යාංශයට "කියවන මුද්දර" අපගේ ස්තුතිය.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com