kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


21
January
2023

"කියවන මුද්දර" පිළියන්දලට

2022 ජාතික කියවීමේ මාසයට අදාලව පිළියන්දල සහ කැස්බෑව මහජන පුස්තකාල ද්විත්වයේ ත්‍යාග ප්‍රදානෝත්සවය කැස්බෑව නගර සභා රංග ශාලාවේදී 2023 ජනවාරි 21 දින පවත්වා සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය ලැබූ පාඨක සිසු සිසුවියන් වෙත ත්‍යාග හා සහතික පත්‍ර බෙදා දීම සිදු කෙරුණි. වටිනා අංග රැසකින් යුත් එම උත්සවයේ සමාරම්භක කටයුත්ත ලෙස "කියවන මුද්දර" මුද්දර කියවීමේ වැඩසටහන පැවැත්විණ.

කැස්බෑව නගර සභාවේ ගරු උප සභාපති කරුණාපාල මුහන්දිරම් ආරච්චි මැතිතුමා, හිටපු නගරාධිපති හා වර්තමාන ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී සුමන විවියන් රණවීර මැතිතුමා, නාගරික මන්ත්‍රීතුමන්ලා හා නාගරික මන්ත්‍රීතුමියන්ලා මෙන්ම ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද තිස්ස මහතා ද මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වී සිටියහ.

තොරතුරු මූලයක් ලෙස තැපැල් මුද්දරයේ වටිනාකම පොදු පාඨක ප්‍රජාවට හඳුන්වාදීම සඳහා පුස්තකාලය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ලංකා පුස්තකාල සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද තිස්ස මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මෙම පුස්තකාල වෙත නිරතුරුව හිමිවීම ඉතා අගනේය.

මුද්දර කියවීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පිළියන්දල මහජන පුස්තකාලයේ වරලත් පුස්තකාලයාධිපති උපේක්ෂා පෙරේරා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් කටයුතු කල අතර, අනාගතයේදී මුද්දර තොරතුරු ඒකකයක් පිළියන්දල පුස්තකාලය තුල නිර්මාණය කිරීම පිළිබඳව ඔවුන්ගේ බලාපොරොත්තුවද සතුටට කරුණකි.

අනාගතයේ දවසක මුද්දර ගැන අලුත් ආරංචියක් සමඟ හමුවෙමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com