22
November
2022
දොඩංගොඩ මහජන පුස්තකාලයේ කියවීම් කඳවුර
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රමුඛ පුස්තකාලය වන දොඩංගොඩ මහජන පුස්තකාලය මඟින් සංවිධානය කරන ලද කියවීමේ කදවුරක් පුස්තකාල පරිශ්‍රයේදී 2022 නොවැම්බර් 22 දින ඉතා සාර්ථකව පැවැත්වුනි. ජාතික පුස්තකාල සහ තොරතුරු විද්‍යා ආයතනයේ සහකාර පුස්තකාලයාධිපති උදිත අලහකෝන් මහතා, ප්‍රවීණ රසවින්දන දේශක සඳරුවන් ලියනාරච්ච්චි මහතා සමඟින් කියවන මුද්දර අපද ඒ සඳහා එක් විය.
සිතියම්, කාසි හා නෝට්ටු, ජාතික කොඩි, පිංතූර, ශබ්දකෝෂ, මුද්දර හා කෙටි චිත්‍රපට සමඟින් ගෙවුනු ඒ හෝරා කිහිපය දරුවන්ට, ගුරුවරුන්ට, දෙමාපියන්ට මෙන්ම පුස්තකාල කාර්ය මණ්ඩලයටද හරවත් සහ රසවත් අත්දැකීමක් වු බව ඔවුන්ගේ ප්‍රතිචාර අපට පසක් කළේය.
මෙම කියව්ම් කදවුර සාර්ථක කර ගැනීම සඳහා දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු සභික මණ්ඩලය, ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය හා පුස්තකාලාධිපතිනිය ඇතුළු පුස්තකාල කාර්ය මණ්ඩලය අප වෙත ලබාදුන් සහාය අගනේය.
දරුවන්ගේ සමබර පෞරුෂ සංවර්ධනය සඳහා පොත් සහ පොත් නොවන කියව්ම් වල වටිනාකම මෙවැනි අපුර්ව කියව්මේ කඳවුරු වලින් ලබාගත හැකි හොඳම පාඩමයි.
ක්‍රියාකාරකම් පාදක කියවීම දරුවන්ගේ කියවීමේ රුචිය උද්දීපනය කරනා බව හොදින්ම වැටහෙන්නේ මෙවැනි කියවීම් කඳවුරු ක්‍රියාකාරකම් මඟිනි.
එවැනි අත්දැකීමක් සඳහා අප සුදානම් ......
ඔබ සුදානම්ද ?
© kiyawanamuddara 2020 | Solution by 4meli.com