27
August
2022
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මාරවිල මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද "කියවන මුද්දර" වැඩසටහන 2022 අගෝස්තු 27වන සෙනසුරාදා මාරවිල මහජන පුස්තකාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. නිර්මාණාත්මක ඉගෙනුම් මෙවලමක් ලෙස තැපැල් මුද්දර භාවිතා කිරීම පිළිබඳවත්, මුද්දර මූලාශ්‍ර කරගෙන විනෝදාස්වාදය සහ රසවින්දනය සමබරව පවත්වාගෙන යාම පිළිබදවත් සහභාවූ සැම දැනුම්වත් කිරීමට මෙහිදී අපිට හැකි විය. පුස්තකාල පාඨකයින්ට, ප්‍රදේශයේ පාසල් දරුවනට සහ පුස්තකාල කාර්ය මණ්ඩලයට මේ ආකාරයේ කියවීමක අත්දැකීමක් ලද ප්‍රථම අවස්ථාව මෙම වැඩසටහන බවයි ඊට සහභාගී වූවන් පැවසුවේ.
එළැඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙන් මාරවිල මහජන පුස්තකාලය ඉටු කරනා සාහිත්‍ය සේවයට හොඳ අඩිතාලමක් සැකසූ මෙම මුද්දර කියවීමේ වැඩසටහන, "මුද්දර තොරතුරු ඒකකයක්" දක්වා වර්ධනය කර, පුළුල් ප්‍රජා සේවාවක් සඳහා සැලසුම් සකස් කරන බව ඔවුහු පැවසූහ. එය අනිවාර්යයෙන් මාරවිල පුස්තකාල පාඨක ප්‍රජාවට ඉතා සතුටුදායක පුවතක් වනු ඇත.
මෙම "කියවන මුද්දර" වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රොෂාන් නිලන්ත ප්‍රනාන්දු මහතා, ගරු ලේකම් චන්දන කුමාර මහතා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලය ලබාදුන් සහාය අගය කල යුතුමය. එසේම, වැඩසටහන සඳහා පාසල් දරුවන් පෙළගැස්වූ මාරවිල කානික්ක මාතා දේවස්ථානයේ ගරු සජිත් පියතුමන්ට, දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන නිලධාරී සමන්ත විජේතුංග මහතාටත්, පුස්තකාල පාඨක සංගමයේ සභාපති නිලන්ත මහීපාල මහතාටත්, ඉතා විධිමත් සහ සිත් සතුටු වන ලෙසින් මාරවිල මහජන පුස්තකාලය පවත්වාගෙන යනු ලබන පුස්තකාලාධිපතිනී ලලන්ති කුමාරි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයටත්, සාහිත්‍ය රසවින්දනය පිළිබඳ දේශනයට එක්වූ සඳරුවන් ලියනාරච්චි මහතාටත් අපගේ ප්‍රණාමය පිරිනැමේ.
කියවීමේ කුසලතා වර්ධනය සඳහා "මුද්දර කියවීම" අලුත් වටයකින් ක්‍රියාත්මක කිරීම සඳහා අපි පෙර මඟ බලා සිටිමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com