kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


29
March
2022

"කියවන මුද්දර" දැරණියගල සම්ප්‍රාප්තිය

2022 මාර්තු 29 වන දින දැරණියගල ප්‍රාදේශීය සභාවට අනුබද්ධ දැරණියගල මහජන පුස්තකාලයේ "කියවන මුද්දර" මුද්දර තොරතුරු ඒකකය පිහිටුවීම දැරණියගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඒ. බී. ඩබ්ලිව්. ලක්ෂ්මන් රාජකරුණා මැතිතුමා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව සිදු කෙරිණි. දැරණියගල පුස්තකාල පාඨක ප්‍රජාව සඳහා ක්‍රියාකාරකම් පාදක නිර්මානාත්මක කියවීමේ ප්‍රවේශයක් ලෙසින් මුද්දරයේ වැදගත්කම මෙහිදී පෙන්වා දීමට අපට හැකිවිය.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මූලිකත්වය ගත්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු සභික මණ්ඩලය, ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම් සහ සභා කාර්ය මණ්ඩලය, පුස්තකාලධිපතිනිය කාන්චනී අබේරත්න මහත්මිය ඇතුළු සියලු පුස්තකාල කාර්ය මණ්ඩලය සහ පාඨක ප්‍රජාව වෙත අපගේ ස්තුතිය.

මෙම වැඩසටහනේ දිඟුවක් ලෙසින් දැරණියගල ප්‍රදේශයේ පාසැල් හා පාඨක ප්‍රජා දැනුවත් කිරීම් සමඟ නුදුරේදීම නැවතත් හමුවෙමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com