kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


05
March
2022

කියවන මුද්දර සමඟ

2022 මාර්තු 5 වන සෙනසුරාදා ක්‍රෙස්කැට් බූලෙවාඩ් (Crescat Boulevard) හි ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේදී (Museum of Modern and Contemporary Art Sri Lanka - MMCA Sri Lanka) පැවති තැපැල් මුද්දයෙන් ඉතිහාසය කියවීමේ වැඩමුළුව ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවිය.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයට සමගාමිව ශ්‍රී ලංකාවේ සමකාලීන ඉතිහාසය අධ්‍යයනය කිරීමට දෘශ්‍ය මූලාශ්‍ර ලෙස තැපැල් මුද්දරයේ භූමිකාව මෙහිදී ගවේෂණය කරනු ලැබිණි. මුද්දර එකතුවක් යනු ලොව පුරා රටක් සම්බන්ධයෙන් තවදුරටත් කියවිය යුතු නව ප්‍රවේශයකි. එය අධ්‍යාපන ව්‍යාප්තිය සහ දැනුම කලමනාකරණය සම්බන්ධ කිරීම සඳහා ක්‍රමවේදයක් ලබා දෙන අතර, සමකාලීන අධ්‍යාපන ක්‍රමය තුළ මෙම භූමිකාව ප්‍රතික්ෂේප නොකළ හැකිය.

මේ කටයුත්ත සඳහා ආරාධනය කල ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ පාලනාධිකාරිය හා ප්‍රමෝධා, ශාර්මි ඇතුළු සමස්ත කණ්ඩායමටම අපගේ ස්තුතිය.

කැමරා සිත්තම්: රුවන් මීගම්මන



© kiyawanamuddara 2020 | Solution by 4meli.com