18
February
2022
කහවත්ත මහජන පුස්තකාලය මඟින් සංවිධානය කල "කියවන මුද්දර - මුද්දර කියවීමේ වැඩසටහන" 2022 පෙබරවාරි 18 වන දින කහවත්ත ප්‍රදේශීය සභා උත්සව ශාලාවේ දී ඉතා සාර්ථකව පැවැත්වුණි. මේ සඳහා කහවත්ත මහජන පුස්තකාලය, ඇන්දාන මහජන පුස්තකාලය සහ මාදම්පේ මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිවරියන්, කාර්ය මණ්ඩලය සහ පුස්තකාල පාඨක ප්‍රජාව; ඕපාත දමිල විද්‍යාලයේ සහ දිඹුල්වල විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසු දරුවන් මෙන්ම දෙමාපියන්ද සහභාගී වූහ. පුස්තකාලය ඇසුරු කරගෙන මුද්දරය පිළිබඳ වූ අතිරේක කියවීම් වෙනුවෙන් පාසල් පෙළ පොත්, වෙනත් පොත්පත්, පුවත් කැපුම් සහ අනෙක් මූලාශ්‍ර යොදා ගන්නා ආකාරය පිළිබඳ මූලික දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සිදුකරන ලද මෙම වැඩසටහනේ හඳුන්වාදීම සිදුකරන ලද්දේ පුස්තකාලාවේදී සඳරුවන් ලියනාරච්චි මහතා විසිනි.
ක්‍රියාකාරකම් පාදක කියවීම් තුලින් පාඨකයා සමඟ ඇති බැඳීම තවතවත් සවිමත් කරනා මෙවැනි නව ප්‍රවේශයක කියවීම සඳහා කහවත්ත ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමන්, ගරු සභාපතිතුමන්, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් ඇතුළු සභා කාර්ය මණ්ඩලය, කහවත්ත මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය හා එම කාර්ය මණ්ඩලය අප වෙත ලබා දුන් නොමඳ සහාය ඉතා අගය කොට සලකමු. වැඩසටහන කෙරෙහි පැමිණ සිටි සැමගේ වූ උනන්දුව සහ පැසසුම් අපව තව තවත් දිරි ගන්වන සුළු විය.
කියවීමේ අලුත් දොරටුවක් සඳහා රත්නපුර කහවත්ත මහජන පුස්තකාලයේ පාඨක ප්‍රජාව වෙත විවරවූ මේ මඟ, බොහෝ දුර ගමනක ප්‍රථම පියවර වනු ඇත.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com