kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


12
January
2022

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සමඟ

කුඩා කල පටන්ම බොහෝ දරුවන්ගේ විනෝදාංශයක් වූ මුද්දර එකතු කිරීම, මුහුකුරායත්ම මතකයෙන් ගිලිහී යයි. එහෙත් මුද්දරයේ සැගවුණු අප නොහිතන, නොකියවුණු කතාවක්, පසුගිය දා ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු අමාත්‍යංශයේ දී සුවිශේෂී, රටේ උරුමයන් රැකගන්නට වෙර දරණ දේශ හිතෛශී පුද්ගලයකු විසින් අවධානය යොමු කරනු ලැබුවා. ඔහු නමින් නිරෝෂණ පීරිස්. මතු පිටින් නොපෙනෙන මුද්දරයක සාහිත්‍ය කියවීමේ හුරුව ඇති කරන්නට වෙර දරණ ඔහු මුද්දර කියවීමේ සංකල්පය අපේ රටට හදුන්වා දුන් නිදහස් මාධ්‍යවේදියෙක්.

‍‍‍කියවන මුද්දර නම් වූ තේමා පාඨය අපේ රටේ ප්‍රචලිත කරමින් කලාව, සංස්කෘතිය සහ උරුමය, දෘශ්‍ය රූපයක් මගින් කියැවීමට මුද්දරය ස්වර්ණමය මාවතක් විවර කර දෙන බව ඔහු පෙන්වා දෙනවා. මුද්දරය රටත්, ජාතියත්, සංස්කෘතියත් නිල වශයෙන් ලොවට හදුන්වා දෙන ජාතික දෘශ්‍ය සංකේතයකි. මුද්දරය තොරතුරු මූලාශ්‍රයක් ලෙස භාවිතා කල හැකි අයුරු පිලිබදව දශකයකට අධික කාලයක පටන් නිරෝෂණ, ජනතාව දැනුවත් කරමින් සිටිනවා.

අපේ රටේ විවිධ ජාතික උරුමයන්, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත බොහෝ දේ ඇතුලත් මුද්දර 400 ක් පමණ නිකුත් කර ඇති බවත්, නව ප්‍රවේශයකින් මෙම මුද්දර සාහිත්‍ය හරහා ජාතික උරුමයන් පිලිබදව ජනතාව දැනුවත් කල හැකි ආකාරයත් පිලිබදව, නිරෝෂණ පීරිස් සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා අතර සාකච්ඡාවක් පසුගිය දා (ජනවාරි 12 දා) පවත්වනු ලැබුවා. මේ වන විට මේ සම්බන්ධ කෘතීන් 3ක් ප්‍රකාශයට පත් කර ඇති නිරෝෂණ මුද්දර සම්බන්ධ තම නවතම කෘතිය එදින අමාත්‍යතුමාට භාර දෙනු ලැබුවා.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com