kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


02
December
2021

දිගු ගමනක් යන කෙටි සටහනක්, A short note of a long journey

කොරෝනා වසංගතය  සමඟ ලෝකයේ  මිලියන ගණනක ජනතාවක් හුදකලා කර ඇත. මතක  ඉතිහාසය තුළ අප සියලු දෙනා අතර සබඳතාවයන් මෙතරම් දුරස් කර නොමැති තරම්ය. සාමාන්‍ය කටයුතු සදහා ලෝකය තවමත් සුරක්ෂිත තැනක් නොවන බව වටහා ගැනීම සහ නව සාමාන්‍යකරණය යටතේ කටයුතු කලයුතු බව අප හොඳින් වටහා ගත යුතුය. 

පුර්ව පශ්චාත් කොරෝනා සමයේදී   අකුරු සජිවිකරණයෙන්  නිර්මාණශීලීවීමට සහ අනාගතයට ලිවීමට සෑම දෙනාටම වේදිකාව විවර කර දෙයි.  "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" (WRITE A LETTER AND BRING A SMILE) ව්‍යාපෘතිය මඟින් ලෝකය දෙස අලුත් ඇසකින් බලන්න ඔබව යොමුකරවයි.   බලාපොරොත්තුව, අධ්‍යාපනය, ආදරය, අගය කිරීම, ගෞරවය, ස්තූතිය, සැනසීම සහ සහයෝගයේ පණිවිඩය සහිත ලිපි, තැපැල්පත් සහ ඒවා හුවමාරු කිරීම තුලින් ඉතා සියුම් පණිවිඩයක් සමාජයට හුරු කරවයි . ඒ, ඔබ හුදකලා වී නොමැති බවයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute) සඳහා මාධ්‍යවේදිනී කලවර්ෂ්නි කනගරත්නම් විසින් නිර්මාණය කරන ලද මෙම කෙටි නිර්මාණය  ස්තුති පූර්වකව ඔබ සමගින් බෙදා ගනු ලබන්නේ ඉමහත් සතුටකිනි. 

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන  යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයකි. ශ්‍රී ලංකාව තුල මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරන්නේ සර්වෝදය ව්‍යාපාරයයි.


දමිළ උපසිරැසි සහිතව: https://www.youtube.com/watch?v=DJBGPEaxl7k
ඉංග්‍රීසී උපසිරැසි සහිත:  https://www.youtube.com/watch?v=fsn9fjPBB2I

Video




© kiyawanamuddara 2020 | Solution by 4meli.com