14
October
2021
කිරිමැටියාන මහජන පුස්තකාලයේ මුද්දර තොරතුරු ඒකකය පිහිටුවීමට අදාලව, 2021 අගෝස්තු මස 16 දින ලබා දුන් සම්පත්වල දෙවන කොටස වන මුද්දර කියවීම සඳහා අවැසි මූලික කියවීමේ මෙවලම් පුස්තකාලධිපතිනිය වන රංගි ඉරේෂා පතිරණ මහත්මිය වෙත ලබාදීම පසුගිය 2021 ඔක්තෝම්බර් 14 වැනිදා අප විසින් සිදු කරන්නට යෙදුනි.
පුස්තකාලාවේදී සඳරුවන් ලියනාරච්චි මහතා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිළධාරීතුමිය, පුස්තකාලයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථවට සහභාගී වූහ.
පවතින වසංගත තත්වය සමනය වීමෙන් අනතුරුව තව නොබෝ දිනකින් පාඨක ඔබගේ පරිශීලනය සඳහා "කිරිමැටියාන මුද්දර තොරතුරු ඒකකය" විවෘත වනු ඇත.
මුද්දර තොරතුරු ඒකක පිහිටුවීම "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහනේ එක් අංගයකි. මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ, සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයක් වන අතර සර්වෝදය ව්‍යාපාරය මෙහි දේශීය සම්බන්ධිකරන කටයුතු මෙහෙයවයි.
මුද්දරයේ දෘශ්‍ය නිරුපනය (visual representation) සමකාලීන සමාජයේ කැඩපතක් (mirror of the contemporary society) ලෙසින් හඳුනා ගැනීම සඳහා මුද්දර කියවීම ප්‍රගුණ කල යුතුය. මුද්දර කියවීම ප්‍රවර්ධනය සඳහා මුද්දර තොරතුරු ඒකක පිහිටුවමින් මෙම තොරතුරු පරිශීලනයට පහසු කෙරේ.
මේ වන විට වයඹ පළාතේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ එකම මුද්දර කියවීමේ ඒකකය සහිත වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කිරිමැටියාන මහජන පුස්තකාලය හා ඔබත් එක්වන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com