01
October
2021
අද ඔක්තෝබර් පළමුවැනිදා එකසත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝක වැඩිහිටි දිනයයි (International Day of Older Persons). ලෝක තැපැල්පත් දිනය (World Postcard Day) සහ ලංකාවේ ජාතික ළමා දිනය (Children's Day) සමරන්නේද අද වැනි දවසකයි.
වැඩිහිටියන් සහ ළමයින් අතර ඇති පරම්පරා හිඩැස වර්තමානදී ඉතා පුළුල්ව පවතින අතර, කොවිඩ් වසංගතය එය තවත් තීව්‍ර කර ඇත. සවිමත් සමාජයක් සඳහා පරම්පරා අතර සන්නිවේදනය ඉතා වැදගත්ය. ඒ සඳහා ලිපියකින් හෝ තැපැල්පතකින් අදහස් හුවමාරු කර ගැනීම ඉතා ප්‍රකටය. වැඩිහිටියන් අතර මෙන්ම ළමයින් අතරද, වැඩිහිටියන් හා ළමයි අතරද සතුටුදායක වදන් සහිත ලිපි, තැපැල්පත් හුවමාරු කිරීම සුලබය.
මේ උදෙසා "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යටතේ අප සමග ක්‍රියාකාරිව එක්වූ රත්නපුර මහජන පුස්තකාලය, ගැටන්ගම "අපේ ගෙදර ළමා නිවාසයේ" ආදරණීය දරුවන්ට සහ රත්නපුර සී/සමරතුංග වැඩිහිටි නිවාසයේ ආදරණීය අම්මාවරුන් වෙනුවෙන් ආශීර්වාද සහ සුභපැතුම් සහිත තැපැල්පත් යොමුකිරීම අද සිදුකරන ලදී.
ව්‍යාපෘතියේ තිරසාර බව පෙන්නුම් කරනා මෙවන් කටයුතු ක්‍රියාත්මක කරනා රත්නපුර නගර සභාවේ හා මහජන පුස්තකාලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට "කියවන මුද්දර" අපගේ හෘදයාංගම ස්තුතිය මෙසේ එක් කරන්නෙමු.
"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ, සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයක් වන අතර සර්වෝදය ව්‍යාපාරය මෙහි දේශීය සම්බන්ධිකරන කටයුතු මෙහෙයවයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com