kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


04
May
2020

God Save the Queen !!

God Save the Queen !!

ජාතික සෞඛ්‍ය සේවය  National Health Service (NHS) යනු එංගලන්ත රජය  අරමුදල් සපයන සෞඛ්‍ය සේවා පද්ධතිය වන අතර  එය එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවා පද්ධති හතරෙන් එකකි. එංගලන්ත  සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන  NHS   එක්සත් රාජධානියේ නිත්‍ය  පදිංචිකරුවන්ට සහ  සෙසු අයට සෞඛ්‍ය සේවා සපයයි. කොරෝනා වසංගතය හමුවේ පීඩාවිදින ජනතාව දැනුවත් කිරීම සදහා  ජාතික සෞඛ්‍ය සේවය මගින් සිදුකරන ප්‍රවර්ධන කටයුත්තක් සඳහා  එක්සත් රාජධානියේ  තැපැල් මුද්දරයක ආකෘතියක් උපයෝගී කරගෙන ඇති අයුරු වාර්තා වේ. දශකයකට වැඩි නිර්මාණ අත්දැකීම් ඇති ජේෂ්ඨ ඩිජිටල් නිර්මාණකරුවෙක් වන ජේසන් ජෙෆ් (Jason Jeff ) මෙහි  හිමිකරු වන අතර රැජිනගේ රුව සහිත මුද්දර ආකෘතිය වැඩි ජනතා ආකර්ෂණය සදහා කදිම උපක්‍රමයක් බව විචාරක මතයයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com