25
March
2020
‘වසංගතයක්’ යනු බෝවන රෝගයක් යම් ජනගහනයක විශාල පිරිසකට ඉතා කෙටි කලක් තුල ඉතා වේගයෙන් පැතිරීමයි. එය ඉංග්‍රීසියෙන් Epidamic ලෙස හැඳින්වෙයි.
වරින් වර ඇතිවූ වසංගත තත්වයන් හමුවේ ලෝක ජනතාව දැඩි අවධානම් සහගත තත්වයන්ට මුහුණ දුන් අතර වර්තමානයේදී ඇතිවී තිබෙනුයේද ඊට සමාන පරිසරයකි. ලෝක සෞඛ්ය සංවිධානය මඟින් නව කොරෝනා හෙවත් කොවිඩ් 19 ලොව වෙලාගත් වසංගතයක් බවට අනතුරු අඟවා තිබේ.
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය (COVID-19) පැතිරීමට එරෙහිව සටන් කරන පෙරටුගාමී සටන්කරුවන් ලෙස වෛද්ය වෘත්තිකයන්ට ගෞරව දැක්වීම සඳහා ඉරානය විසින් 2020 මාර් තු 17 දින සමරු මුද්දරයක් එළිදක්වන ලදී. ඉරාන කැබිනට් රැස්වීමක කොටසක් ලෙස ඉරානයේ ජනාධිපති හසන් රුහානි මුද්දරය එළිදැක්වීය.
මෙම තැපැල් මුද්දරය කොරෝනා වයිරස් වසංගතයට සම්බන්ධ ලොව පළමු මුද්දරය ලෙස සැලකේ. නව මුද්දර සැලසුමේ පහළ වම්පස “ජාතික වීරයන්” ඉංග්‍රීසියෙන් සදහන් කර තිබේ. වටිනාකම රියාද් 18,000 කි. ජාතික ඉරාන තැපැල් සමාගමේ වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව සමරු මුද්දරයේ තේමාව, නව මුද්දරය “කොරෝන වෛරසයට එරෙහිව සටන් කිරීමට පෙරටුගාමී උත්සාහයන් ලෙස රටේ වෛද්යා කාර්ය මණ්ඩලයේ කැපකිරීම්වලට ආචාර කරයි.”යන්නයි.
මේ මොහොතේ ලොව බොහෝ තැපැල් සේවා අක්රීයව පවතී. නමුත් මෙම සමරු මුද්දරයේ සිතුවම ලෝකයට අළුත් පණිවිඩයක් ලබා දේ. එය වෛරසය සමඟ සටන් වදින්නන් දිරි ගන්වනු ලබයි. මෙම අභියෝගය ජය ගත හැකි බව රූපමය කියවීමක් ඔස්සේ ලොවට සන්නිවේදනය කරවයි.
ආත්ර් බ්රිස්බේන්ගේ ‘පින්තූරයක් වචන 1000ක වඩා වටිනා බව’ (A picture is worth a thousand words) ලොව ප්රකට කියමනකි. මුද්දරය යනු රාමු කරන ලද චිත්‍රයකි . එකී රාමුවෙන් බැහැරව දෘශ්‍ය රූපය දෙස බැලීමෙන් ඔබට බොහෝ දේ කියවා ගත හැකිය.
මුද්දර දෙස අළුත් ඇසකින් බලන්න.. ඔබට අළුත් කියවීමක් හමුවේවි..
© kiyawanamuddara 2020 | Solution by 4meli.com