kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


23
March
2021

 

 "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහනේ තෙවැනි පියවර 
 2021 මාර්තු 23 වන දින වෙන්නප්පුව ප්‍රාදේශීය  සභාවේ කිරිමැටියාන මහජන පුස්තකාලයේ සංවිධානයෙන් ,වෙන්නප්පුව ප්‍රාදේශීය  සභා ශ්‍රවණාගාරයේදී 

නව සාමාන්යකරණය (New normal) යනු වර්තමානයේදී අපට නිරතුරුව අසන්නට ලැබෙන වදනකි. නව සාමාන්‍යකරණය  යනු අර්බුදයක් ආරම්භවීමට පෙර පැවති සාමාජික, ආර්ථික පරිසරයට වඩා වෙනස් පරිසරයක, නව ජීවන ක්‍රමයක්  සහ අපගේ ජීවිත, වැඩ සහ වෙනත් පුද්ගලයින් සමඟ අන්තර්ක්‍රිය  කිරීම පවත්වා ගැනීමයි. කොරෝනා වසංගතය හමුවේ සියලු ගෝලීය ප්‍රජාවම  මේ වන විට මෙම නවසාමාන්‍යකරණයට  අනුගත වෙමින් පවතී.
මෙවන් පරිසරයක් තුළ පාඨකයින් සහ පුස්තකාල ප්‍රජාව  නිර්මාණාත්මක ප්‍රවේශයකට  යොමු කරවීම සහ ඒ පිළිබදව දැනුවත්කිරීම පෙරදැරිව 'කියවන මුද්දර' - "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහනේ තෙවැනි පියවර වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කිරිමැටියාන මහජන පුස්තකාලයේ  සංවිධානයෙන් 2021 මාර්තු 23 වන දින වෙන්නප්පුව  ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී  ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා පුත්තලම් දිස්ත්රිකයේ වෙන්නප්පුව ප්‍රාදේශීය  සභාවේ ගරු සභාපති සුසන්ත පෙරේරා මහතා, ප්‍රජා  සංවර්ධන කමිටුවේ ගරු සභාපති කිත්සිරි අබේවික්රම මහතා, ප්‍රාදේශීය  සභාවේ ගරු ලේකම් පොල් ප්‍රනාන්දු  මහතා, මූලස්ථාන ප්‍රජා  සංවර්ධන නිලධාරී සමන්ත විජේතුංග මහතා සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ප්‍රජා  සංවර්ධන නිලධාරීනී ක්‍රිසේන්ටා  රත්නසේකර මහත්මිය, කිරිමැටියාන මහජන පුස්තකාලාධිපති රංගි ඉෂාරා පතිරණ මහත්මිය ආදීන්ගේ දායකත්වය සහ සහභාගීත්වය ලැබුණි.

වෙන්නප්පුව ප්‍රාදේශීය  සභාවට අයත් කිරිමැටියාන මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සහ පාඨක පිරිස ප්‍රමුඛ  කර මෙම වැඩසටහන පැවැත්වූ අතර, මේ සදහා වෙන්නප්පුව ප්‍රාදේශීය  සභාව මගින් පාලනය වන වෙන්නප්පුව, ලුණුවිල, සිරිගම්පල, කම්මල්තට්ටුව, දංකොටුව, ගෝනවල, කහටවිල වත්ත, බුජ්ජම්පොල හා මහයායවත්ත මහජන පුස්තකාල කාර්ය මණ්ඩලද මහත් උද්යෝගයෙන් එක්විය.

කොළඹ විශ්ව විද්යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්යා ආයතනයේ (NILIS) විශ්‍රාමික ජේෂ්ඨ  කථිකාචාර්ය පී .ජී පේමදාස  මහතා, පුස්තකාල වෘත්තීයවේදී සඳරුවන් ලියනාරච්චි මහතා සහ 'කියවන මුද්දර' අප විසින් විසින් මෙම ව්යාපෘතියට අදාල දැනුවත්කිරීම් සහ තැපැල්පත් බෙදාදීම සිදුකරන ලදී.

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක  වන' මානව ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුවත්භාවය' - 'Awareness with Human Action' (AHA) ව්යාපෘතියේ සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයකි. මුද්දරය සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උපකරණයක් ලෙස භාවිතා කරන අයුරු න්‍යායාත්මකව  සහ ප්‍රායෝගිකව  වටහා  දෙන ඉගෙනුමකි. කොරෝනා වසංගතය වැනි ගෝලීය අර්බුදයක් හමුවේ ප්‍රජාවගේ  ක්‍රියාකාරිත්වය  සහ මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා ප්‍රජාව  සතු හැකියාවන් දියුණු කිරීම; සාවද්‍ය  තොරතුරු සංසරණය, වෛරී භාෂණය, ප්‍රජාවන්  වෙනස් කොට සැලකීම වැනි අඩුපාඩු අවම කර ගැනීම සඳහා සමාජය දැනුමින්, ආකල්ප වලින් සවිබල ගැන්වීම මේ යටතේ සිදු කරනු ලැබේ.
ඉතිහාසය හා පොදු දේ ඉගෙන ගැනීමට, එකිනෙකාගේ සංස්කෘතික උරුමයන් සුවිශේෂී දේ තක්සේරු කිරීමට සහ එකිනෙකාගේ අන්තර් රඳා පැවැත්ම හඳුනා ගැනීමට ලංකාවේ මීට පෙර කිසි දිනක භාවිතා නොකළ 'මුද්දර සාහිත්යය' තුලින්, 'විවිධත්වයේ එකමුතුව' ඒත්තු ගැන්වීමේ පණිවිඩය සමාජගතකරණය සඳහා"මුද්දර කියවීමට" පොදු ජනතාව පෙළගැස්වීම 'කියවන මුද්දර' අපගේ ව්යායාමයයි.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ සහ ඉදිරි ක්‍රියා සඳහා කැපවන සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.

කැමරා සිත්තම: සොයුරු රුවන් මීගම්මන



© kiyawanamuddara 2020 | Solution by 4meli.com