07
August
2021
බුලත්කොහුපිටිය මහජන පුස්තකාලයේ මුද්දර තොරතුරු ඒකක පිහිටුවීමට අදාලව අවශ්‍ය කියවීමේ මෙවලම් පුස්තකාලධිපතිනිය වන සිරිමා අයිරාංගනී මෙනවිය වෙත ලබාදීම පසුගියදා අප විසින් සිදු කරන්නට යෙදුනි. පුස්තකාලාවේදී සඳරුවන් ලියනාරච්චි මහතාද මෙම අවස්ථාවට සහභාගී විය. මුද්දර කියවීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සහිතවූ මෙම මුද්දර තොරතුරු ඒකකය කෑගලු දිස්ත්‍රික්කයේ මහජන පුස්තකාලයක ස්ථාපනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බව දන්වන්නේ ඉතා සතුටිනි. අධ්‍යාපනික උපකරණ ලෙස තැපැල් මුද්දරය (Postage Stamps as Pedagogical Instruments) ප්‍රවර්ධනය සඳහා මෙම තොරතුරු ඒකකය මනා පිටිවහලක් වනු ඇත. ජාතික එකමුතුව සඳහා මුද්දරය මුලාශ්‍ර කරගන්නා අයුරු පහාදාලන "අහල තිබුනට දැකල නැති අය" තේමාව යටතේ ලබාදුන් විශාලනය කරන ලද මුද්දර ආකෘති ඇතුළුව මුල් දින කවර, ආශ්‍රිත පොත් පත් සහ පුවත් කැපුම් අලුත් කියැවීමකට මඟ පාදයි. මුද්දරය, සමාජ සංස්කෘතියේ කොටසක් බවට පත්කිරීමේ අපගේ මෙහෙවරට ඔබගේ දායකත්වය නොමසුරුව ලබාදෙන්න ඔබත් එක්වන්න. "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ, සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයකි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com