07
August
2021
ශ්‍රි ලංකාවේ පළමු සහ රත්නපුර දිස්ත්‍රික්කයේ එකම මුද්දර කියවීමේ ඒකකය රත්නපුර මහජන පුස්තකාලයෙහි ස්ථාපිත කිරීමට අදාළ ව රුපියල් අසූදහසක පමණ මූල්‍ය වටිනාකමකින් යුත් මුද්දර කියවීම් මූලාශ්‍ර (විශාල කරන ලද මුද්දර, මුල්දින කවර, පෝස්ටර්, පෝස්ට් කාඩ්, ග්‍රන්ථ ඇතුළු) කට්ටල අද දින (2021.08.07) කියවන මුද්දර කණ්ඩායම විසින් අප පුස්තකාලය වෙත භාරදෙන ලදී. විවෘත කිරීමෙන් අනතුරුව මුද්දර කියවීම් ඒකකයක නවමු අත්දැකීම නුදුරු දිනයකදී ම පාඨක ඔබ වෙත සමීප කරලීමට අපේක්ෂාවේ දෑස් දල්වා බලා සිටිමු. මේ සඳහා රත්නපුර නගර සභාවේ මහජන පුස්තකාලය තෝරා ගැනීම සහ මුද්දර කියවීම් ඒකකයට අවශ්‍ය කියවීම් මූලාශ්‍ර ලබාදීම සම්බන්ධයෙන් කියවන මුද්දර නිර්මාතෘ නිරෝෂන පිරිස් මහතාට සහ සඳරුවන් ලියනාරච්චි මහතාට ගරු නගරාධිපති ටිරෝන් අත්තනායක මැතිතුමා, පුස්තකාල කාරක සභාවේ ගරු සභාපති නාගරික මන්ත්‍රී දුමින්ද කොස්වත්ත මැතිතුමා, ගරු නාගරික කොමසාරිස්තුමා, අංශ ප්‍රධානි ජයතිස්ස මහතා, පුස්තකාලයාධිපතිතුමිය ඇතුළු පුස්තකාල කාර්ය මණ්ඩලයේ ස්තුතිය පළ කරමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com