kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


21
April
2021

කියවන මුද්දර', අලුත් අවුරුද්දට කොළඹින් වැඩ ඇල්ලීම

අලුත් අවුරුද්දේ 'කියවන මුද්දර' මුල්ම වැඩසටහන කොළඹ මහජන පුස්තකාලය මූලික කොට ගෙන 2021 අප්‍රේල් 20 වන දින පවත්වන ලදී. මහජන පුස්තකාලයේ කාර්ය මණ්ඩලය ප්‍රමුඛව කිරුළපන, එලියට් පෙදෙස, මට්ටක්කුලිය, බෙල්මන්ට්, පීටර්සන්, කොටහේන, සීවලී, බොනවිස්ටා ශාඛා පුස්තකාල කාර්ය මණ්ඩලය මේ සදහා එක්වී සිටියහ. මුද්දර දෙස අලුත් ඇසකින් බැලීමට ඊට එක්වූ සැමගේ ප්‍රතිචාර අපව ඉතා දිරිගන්වන සුළු විය. එවන් ප්‍රතිපෝෂණයන් මෙවන් පුහුණු වැඩසටහන් සඳහා ඉතා වැදගත් වන අතර, ඉදිරියේදී එම ලබාගත් දැනුමින් තම පුස්තකාල මූලිකව "මුද්දර කියවීම " ප්‍රවර්ධනය වනු ඇති බව අප දනිමු. මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී අපට සහය දුන් කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකලාධිපතිනී වරුණි ගඟබඩආරච්චි, නියෝජ්‍ය පුස්තකලාධිපතිනී චින්තා දමයන්ති මහත්මීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය හිමිවේ. 'කියවන මුද්දර', අලුත් විදිහේ කියවීමක්; අලුත් විදිහේ ඉගෙනීමක්.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com