kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


07
April
2021

කෙටි සටහනක් බොහෝ දුරක් යයි (A short note goes a long way)

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න"රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී ..

2021 අප්‍රේල් 07දිනට යෙදෙනලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් රත්නපුර මහජන පුස්තකාලය සහ කියවන මුද්දර එක්ක සංවිධානය කළ "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහනෙහි තවත් පියවරක් පුස්තකාල කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද දින රත්නපුර ශික්ෂණ රෝහලේ දී පවත්වන ලදී.
කොයිඩ් -19 වසංගතය මර්දනය කොට සැමතැනකම සිටින සෑම කෙනෙකුටම වඩා හොඳ සෞඛ්‍යසම්පන්න ලෝකයක් නිර්මාණය කරලීම සඳහා වෙහෙසුණු සහ තවමත් වෙහෙසෙන රත්නපුර ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිරිගැන්වීමේ අදහස් ඇතුළත් තැපැල්පත් ලබා දී ස්තුති කිරීම සිදුකරන ලදී.
මෙවැනි වැඩසටහන් සඳහා නිරන්තරයෙන් උපදෙස් හා මඟපෙන්වීම ලබාදෙන පුස්තකාල කාරක සභාවේ ගරු සභාපති නාගරික මන්ත්‍රී දුමින්ද කොස්වත්ත මැතිතුමාට, අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ සඳහා සම්බන්ධ කරදුන් සෞඛ්‍ය කාරක සභාවේ ගරු සභාපති නාගරික මන්ත්‍රී සමන්ත ගංගොඩ මැතිතුමාට සහ අංශ ප්‍රධානි ජයතිස්ස මහතාට පුස්තකාල කාර්ය මණ්ඩලයේ ස්තුතිය.

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ, සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයකි.
රත්නපුර දිස්ත්‍රික්කය  පදනම් කරගෙන රත්නපුර මහජන පුස්තකාලය  සමඟ  සංවිධානය කල මෙම  වැඩසටහනේ ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය මේ අයුරින් සාර්ථක කර ගැනීමට ඔබසැම ලබා දුන් සහ ලබා දෙන සහායට අපගේ ස්තුතිය හිමිවේ. 
ඔබත් ලියන්න; ඔබ වෙනුවෙන් හෝ ඉතිහාසය වෙනුවෙන් ලියන්න. මුද්දරයකුත් අලවා ලිපියක්, තැපැල් පතක් තැපෑල වෙත යොමු කර ඔබත් මේ සඳහා  දායකවන්න.

 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com