05
March
2021
නව සාමාන්‍යකරණය තුළ පාඨකයින් නිර්මාණාත්මක ප්‍රවේශයකට යොමු කරවා ගැනීමේ අරමුණ පෙරදැරිව 'කියවන මුද්දර' සහ බුලත්කොහුපිටිය මහජන පුස්තකාලය එක්ව සංවිධානය කළ "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" ව්‍යාපෘතියෙහි දෙවන වැඩසටහන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රුවන් සංජිව දියසුන්නත මැතිතුමාගේ මග පෙන්වීම යටතේ 2021 මාර්තු 02 දින වන දින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි . සබරගමු පළාත් සහකාර පළාත් පාලන කොමසාරිස් එල්. එම්. පී. ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණි.
මහා සංඝ රත්නය පෙරටු කොට ගරු සභාපති, ගරු ලේකම්, ප්‍රාදේශීය සහ මන්ත්‍රීවරුන් සහ බුලත්කොහුපිටිය මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ආදී ආයතනයන්හි නිලධාරීන් මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙසින් සහභාගී වුහ. සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රිකයට අයත් යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල, වරකාපොල, ගලිගමුව, රඹුක්කන, කෑගල්ල, අරනායක සහ බුලත්කොහුපිටිය මහජන පුස්තකාල වල නිලධාරීන් ප්‍රමුඛ කර මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
පුස්තකාල වෘත්තීයවේදී සඳරුවන් ලියනාරච්චි මහතා සහ 'කියවන මුද්දර' අප විසින් විසින් මෙම ව්‍යාපෘතියට අදාල දැනුවත්කිරීම්, පුහුණුව සහ තැපැල්පත් බෙදාදීම සිදුකරන ලද අතර, ප්‍රාදේශීය සභාව මගින් වැඩසටහනට සහභාගී වූවන්ට වන්ට විශේෂ සහතික පතක් පිරිනැමීමක්ද සිදුවිය. යථෝක්ත වැඩසටහන සඳහා උද්යෝගිමත් සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර, ඒ සම්බන්ධයෙන් මූලිකත්වය ගනු ලැබූ බුලත්කොහුපිටිය මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය සිරිමා අයිරාංගනී මැතිනියප්‍රමුඛ ප්‍රාදේශීය සභාවේ සියලුම කාර්ය මණ්ඩලයට 'කියවන මුද්දදර' අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ.
මෙය සබරගමුව පළාතේ දෙවන වැඩසටහන වන අතර, මෙහි ප්‍රථම දිගහැරුම 2021 පෙබරවාරි 19 වන දින සබරගමු පළාත් පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුණි. "ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යුරෝපා සංගමයේ(European Union)ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයකි. මෙය මුද්දරය සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උපකරණයක් ලෙස භාවිතා කරන අයුරු න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව වටහා දෙන ඉගෙනුමකි. කොරෝනා වසංගතය වැනි ගෝලීය අර්බුදයක් හමුවේ ප්‍රජාවගේ ක්‍රියාකාරිත්වය සහ මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා ප්‍රජාව සතු හැකියාවන් දියුණු කිරීම; සාවද්‍ය තොරතුරු සංසරණය, වෛරී භාෂණය, ප්‍රජාවන් වෙනස් කොට සැලකීම වැනි අඩුපාඩු අවම කර ගැනීම සඳහා සමාජය දැනුමින්, ආකල්ප වලින් සවිබල ගැන්වීම මේ යටතේ සිදු කරනු ලැබේ. මෙහි මීළඟ අදියර පුත්තලම දිස්ත්‍රිකයේ කිරිමැටියාන මහජන පුස්තකාලය සමඟ එක්ව සිදුකිරීමට අපේක්ෂිතය.
කැමරා සිත්තම: සොයුරු රුවන් මීගම්මන
© kiyawanamuddara 2020 | Solution by 4meli.com