kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


23
February
2021

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" රත්නපුර ප්‍රවේශය

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහන යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයකි. මෙය මුද්දරය සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උපකරණයක් ලෙස භාවිතා කරන අයුරු න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව වටහා දෙන ඉගෙනුමකි. කොරෝනා වසංගතය වැනි ගෝලීය අර්බුදයක් හමුවේ ප්‍රජාවගේ ක්‍රියාකාරිත්වය සහ මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා ප්‍රජාව සතු හැකියාවන් දියුණු කිරීම; සාවද්‍ය තොරතුරු සංසරණය, වෛරී භාෂණය, ප්‍රජාවන් වෙනස් කොට සැලකීම වැනි අඩුපාඩු අවම කර ගැනීම සඳහා සමාජය දැනුමින්, ආකල්ප වලින් සවිබල ගැන්වීම මේ යටතේ සිදු වෙයි.

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහනනේ තවත් පැතිකඩක් ලෙසින් ජාතික එකමුතුව උදෙසා මුද්දර සාහිත්‍යයේ වැදගත්කම අපි පහදා දෙන්නෙමු. සංගීතය, චිත්‍ර, කවි, ගීත, නැටුම්, චිත්‍රපට, ජායාරූපකරණය, නාට්‍ය හා රූකඩ වැනි සකල විද කලාවන්, විවිධ භාෂාවන් කතා කරන ජාතීන් අතර සාහිත්‍යය, සංවාදය සහ අන්තර් සංස්කෘතික අවබෝධය සඳහා වාහකයන්ය. පුද්ගලයින්ගේ හදවත් තුල මෙන්ම, ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීම; අප කවුරුද යන්න සහ අපි එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය වෙනස් කරලීම සඳහා කලාව සහ සංස්කෘතිය ප්‍රබල උත්ප්‍රේරකයක් වෙයි. ලංකාව තුල ජීවත් වන විවිධ ජන වර්ග වලට අයත් ලාංකිකයින්ගේ ජාතික, ආගමික, සංකෘතික සහ භාෂාමය විවිධත්වයන් හඳුනා ගනිමින්, ඔවුන්ගේ නන්‍යතාවයට ගරු කරමින්, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය හඳුනා ගැනීමටත්, මුද්දරය කියවීමේ මූලාශ්‍රයක් ලෙස භාවිත කරන අයුරුත් මෙම ව්‍යාපෘතිය මඟින් පහදාලනු ලැබේ. උපතින් ලාංකික පුරවැසියන් නොවුවද, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කැපවූ විදේශිකයන් රැසක්ද මේ යටතේ හඳුනා ගැනීමට හැකිවේ. දේශාභිමානය සඳහා කැපවූ උදාර චරිත ඉතා අඟනා දෘශ්‍ය කියවීමක් ලෙස ඔබට හඳුනා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

නව සාමාන්‍යකරණය තුළ පාඨකයින් නිර්මාණාත්මක ප්‍රවේශයකට යොමුකරවා ගැනීමේ අරමුණින් 'කියවන මුද්දර' සහ රත්නපුර මහජන පුස්තකාලය එක්ව සංවිධානය කළ "ලිපියක් ලියන්න සිනහවක් ගෙන එන්න" ව්‍යාපෘතියෙහි හඳුන්වාදීමේ වැඩසටහන ගරු නගරාධිපති ටිරෝන් අත්තනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පුස්තකාල කාරක සභාවේ ගරු සභාපති නාගරික මන්ත්‍රී දුමින්ද කොස්වත්ත මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් 2021 පෙබරවාරි 19 වන දින සබරගමු පළාත් පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ගරු නාගරික මන්ත්‍රී සමන්ත ගංගොඩ මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී මොහොමඩ් ෂියාම් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී සුනිල් කලංසූරිය මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී සුනිල් මාතරගේ මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී පද්මා නොරගල්ල මැතිණිය සහ රත්නපුර මහ නගර සභාවේ ගරු නාගරික කොමසාරිස්තුමා, ගරු නාගරික ලේකම්තුමා, පරිපාලන (ආයතන) නිලධාරීතුමිය, අංශ ප්‍රධානි ජයතිස්ස මහතා, සබරගමු පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ පුස්තකාලයාධිපති වසන්තා කුරුප්පු මහත්මිය ආදී නිලධාරීන් සම්බන්ධ වූහ. කොළඹ විශ්ව විද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනයේ (NILIS) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමදාස මහතා, පුස්තකාල වෘත්තීයවේදී සඳරුවන් ලියනාරච්චි මහතා සහ 'කියවන මුද්දර' අප විසින් විසින් මෙම ව්‍යාපෘතියට අදාල දැනුවත්කිරීම් සහ තැපැල්පත් බෙදාදීම සිදුකරන ලදී.

ඉතිහාසය හා පොදු දේ ඉගෙන ගැනීමට, එකිනෙකාගේ සංස්කෘතික උරුමයන් සුවිශේෂී දේ තක්සේරු කිරීමට සහ එකිනෙකාගේ අන්තර් රඳා පැවැත්ම හඳුනා ගැනීමට ලංකාවේ මිට පෙර කිසි දිනක භාවිතා නොකළ මුද්දර සාහිත්‍යය තුලින් 'විවිධත්වයේ එකමුතුව' ඒත්තු ගැන්වීමේ පණිවිඩය සමාජගතකරණය සඳහා 'කියවන මුද්දර' අප මේ තුලින් මෙන්ම සැමදා කැප වන්නෙමු.

කැමරා සිත්තම: සොයුරු රුවන් මීගම්මන



© kiyawanamuddara 2020 | Solution by 4meli.com