kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


20
February
2021

"අහල තිබුනට දැකල නැති අය"

"ලිපියක් ලියන්න - සිනහවක් ගෙන එන්න" වැඩසටහනනේ තවත් එක පියවරක් ලෙසින් ජාතික  එකමුතුව උදෙසා මුද්දර සාහිත්‍යයේ වැදගත්කම අපි පහදා දෙන්නෙමු .සංගීතය, චිත්‍ර, කවි, ගීත, නැටුම්, චිත්‍රපට, ජායාරූපකරණය, නාට්‍ය, රූකඩ වැනි අනෙක විධ කලාවන් විවිධ භාෂාවන් කතා කරන ජාතීන් අතර සාහිත්‍යය, සංවාදය සහ අන්තර් සංස්කෘතික අවබෝධය සඳහා වාහකයෙකි. පුද්ගලයින්ගේ හදවත් තුල මෙන්ම ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීම අප කවුරුද යන්න සහ අපි එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය හදුනාගැනීම  සඳහා කලාව සහ සංස්කෘතිය ප්‍රබල  උත්ප්‍රේරකයකි. 

ඉතිහාසය ඉගෙන ගැනීමට, එකිනෙකාගේ සංස්කෘතික උරුමයන් සුවිශේෂී දේ තක්සේරු කිරීමට, පොදු දේ ඉගෙන ගැනීමට සහ එකිනෙකාගේ අන්තර් රඳා පැවැත්ම හඳුනා ගැනීම සඳහා ලංකාවේ මිට පෙර කිසි දිනක භාවිතා නොකළ මුද්දර සාහිත්‍යය "විවිධත්වයේ එකමුතුව" ඒත්තු ගැන්වීමේ පණිවිඩය සමාජගතකරණය සඳහා "කියවන මුද්දර"  අපි කැප වන්නෙමු.

ලංකාව තුල ජීවත් වන විවිධ ජන වර්ග වලට අයත් ලාංකිකයින්ගේ ජාතික, ආගමික, සංකෘතික සහ භාෂාමය විවිධත්වයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අනන්‍යතාවයට ගරු කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය හඳුනා ගැනීමට "මුද්දරය" කියවීමේ මූලාශ්‍රයක් ලෙස භාවිත කරන අයුරු මෙම ව්‍යාපෘතිය මඟින් පහදාලනු ලැබේ. උපතින් ලාංකික පුරවැසියන් නොවුවද, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කැපවූ විදේශිකයන් රැසක්ද මේ යටතේ හඳුනා ගැනීමට ඔබට හැකිවේ. දේශාභිමානය සඳහා කැපවූ උදාර චරිත ඉතා අඟනා දෘශ්‍ය කියවීමක් ලෙස ඔබට හඳුනා ගැනීමට ඉඩ ලැබෙනු ඇත. 

 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com