kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


21
August
2026

ඇගේ නමට මුද්දරයක්…

ජීවමානව සිටියදී මුද්දරයකින් ගෞරවයට පාත්‍ර වීම යනු කලාකරුවෙකුට හෝ විශිෂ්ට පුද්ගලයෙකුට හිමිවන සුවිශේෂී ගෞරවයකි.

2026 වසර වෙනුවෙන් ගරු නන්දා මාලනී මහත්මිය නමින් අප කළ යෝජනාවකට අනුව සම්මතව තිබූ මුද්දරය සම්බන්ධයෙන් අපි ඇයව පුද්ගලිකවම දැනුවත් කළ අතර, ඒ පිළිබඳව ඇය ඉතා සතුටට පත්වූවාය. එම සිහිනය සැබෑවක් කර ගැනීමට අප බලාපොරොත්තුවෙන් සිටියද, අවාසනාවකට එය යථාර්ථයක් වීමට පෙරම ඇය අප අතරින් සමුගෙන ඇත.

කෙසේ වෙතත්, ඇයගේ කලා ජීවිතයත්, සදා අමරණීය වූ ගී හඬත් අපගේ මතකයෙන් කිසිදා මැකී නොයනු ඇත. ඇයගේ රුව, කලා මෙහෙවර සහ ශ්‍රී ලාංකීය සංගීතයට ඇය කළ අමිල දායකත්වය කියාපාන මුද්දරයකින් ඇයව නැවතත් අපගේ මතකයට කැඳවීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ගරු නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් “කියවන මුද්දර” අපගේ සාතිශය සංවේගය පුද කරමු.

ඇයගේ හඬ නිහඬ වුවද, ඇය ගැයූ ගීතත්, ඇය තැබූ සංගීතමය සලකුණත්, ශ්‍රී ලාංකීය ජන මතකය තුළ සදාකාලිකවම ජීවමාන වනු ඇත.

නන්දා මාලනී නම් වූ ඒ අමරණීය හඬට අපගේ ආදරණීය උපහාරය එම මුද්දරය වනු ඇත.

 


© kiyawanamuddara 2020 | Solution by 4meli.com