02
August
2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) අභිමානවත් සියවස් සංවත්සරයට සමගාමීව ජූලි 30 සිට අගෝස්තු 01 වන දා තෙක් පැවැත්වූ ප්‍රදර්ශනයේදී, NIHS පුස්තකාලය මගින් සංවිධානය කළ "කියවන මුද්දර" Medical Philately කුටිය වෙත ලැබුණු අතිමහත් ප්‍රතිචාරය, ප්‍රශංසාව සහ ආදරය පිළිබඳව අපගේ හදපිරි ප්‍රණාමය පළ කරමු.
සෞඛ්‍ය සන්නිවේදනයට නව මානයක් එකතු කරමින්, පුස්තකාලයේ නව්‍ය ප්‍රවේශයක් ලෙස සෞඛ්‍ය මුද්දර විද්‍යාව (Medical Philately) හඳුන්වා දීමට ලැබීම අප ලැබූ විශාල භාග්‍යයකි. පුස්තකාලයක් යනු හුදෙක් පොත්පත්වලට පමණක් සීමා නොවූ, සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ද නිර්මාණශීලී සංකල්ප ජනගත කළ හැකි ප්‍රබල මධ්‍යස්ථානයක් බවට මෙමගින් මැනවින් සපථ විය. මෙම අභිමානවත් ආරම්භයට සමගාමීව, NIHS පුස්තකාලයේ මෙඩිකල් ෆිලටලි විශේෂිත විශාලනය කරන ලද මුද්දර එකතුවක් ස්ථාපිත කිරීම සඳහාද අප මූලික පියවර තැබුවෙමු. මෙම මුද්දර එකතුව NIHS හි ඉගෙනුම ලබන හෙද සේවය, ප්‍රසවවේදය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු වැනි මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි පුහුණුව ලබන සිසුන්ගේ පර්යේෂණ දැනුම් වර්ධනයටත්, ප්‍රජා සෞඛ්‍ය පුහුණුවටත් මූලාශ්‍රයක් වනු ඇත. ඉදිරියටත් අඛණ්ඩව සංවර්ධනයට බලාපොරොත්තු වන මෙම එකතුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙඩිකල් ෆිලටලි එකතුව බවට පත්වෙමින් සෞඛ්‍ය හා පුස්තකාල ඉතිහාසයේ අමතක නොවන සන්ධිස්ථානයක් වනු ඇත.
අපව අගය කල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස හා පාර්ලිමේන්තු මන්ත්‍රී විශේඥ වෛද්‍ය ගරු නිහාල් අබේසිංහ මහතුන්ටත්, මෙම අලුත් සංකල්පය සාර්ථක කරගැනීමට අපට නිරන්තරයෙන් ශක්තියක් වෙමින් දිනපතා අපගේ කුටිය වෙත පැමිණ අපව අගය කල NIHS අධ්‍යක්ෂතුමන් වන වෛද්‍ය කේ. නන්දකුමාරන් මහතාටත්, NIHS හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය තමර කිර්ති කළුබෝවිල මහතාටත් අපව දිරිමත් කළ වෛද්‍ය චුලරත්න මහත්මිය ඇතුළු සියලුම අධ්‍යක්ෂ මණ්ඩලයටත් අපගේ විශේෂ ස්තූතිය හිමිවේ. එමෙන්ම, මෙම කාර්යය වෙනුවෙන් කැපවූ වර්තමාන පුස්තකාලාධිපතිතුමියන් වන නදීකා හා නිරෝෂිනී මහත්මීන්ටත්, පුස්තකාල කාර්ය මණ්ඩලය මෙන්ම, පුස්තකාලයේ අභිවෘද්ධියට පදනම දැමූ පූර්ව පුස්තකාලාධිපතිවරුන් සහ නිලධාරීන් ඇතුළු සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.
අපගේ කුටිය වෙත පැමිණ, සවන් දී, ඔවුන්ගේ අත්දැකීම් හා මතකයන් නොමසුරුව අප හා බෙදා ගත් හා, අපගේ උත්සාහය ඇගයීමට ලක් කරමින් අපට ශක්තියක් වූ, මෙන්ම මේ වෙනුවෙන් නොමසුරුව උදව් උපකාර කළ සියලුම දෙනාට අප අසීමිතව ස්තූතිවන්ත වෙමු. ඔබ දැක්වූ ආදරය සහ උණුසුම් ප්‍රතිචාර ඉදිරි අනාගතයටත් අපට මහත් රුකුලක් වනු ඇත!
© kiyawanamuddara 2020 | Solution by 4meli.com