12
August
2026
සාමාන්‍ය පුස්තකාලවල ඉගෙනුම් සම්පත් ප්‍රධාන වශයෙන් මුද්‍රිත සහ මුද්‍රිත නොවන ලෙස වර්ගීකරණය කළද, මුද්දරය ප්‍රබල කියවීමේ උපකරණයක් ලෙස භාවිත කිරීම සාමාන්‍යයෙන් පුස්තකාල පද්ධතිය තුළ අඩුවෙන් දැකිය හැකි ලක්ෂණයකි. මෙම පරතරය පියවමින් "කියවන මුද්දර" සංකල්පය හරහා මුද්දර සහ ඒ ආශ්‍රිත සාහිත්‍යය රට පුරා පුස්තකාල පද්ධතිය තුළ සක්‍රීය කියවීමේ මාධ්‍යයක් ලෙස ප්‍රචලිත කිරීමට අප කටයුතු කරනු ලබයි.
එළඹෙන සාහිත්‍ය හා ජාතික කියවීමේ මාස නිමිති කරගනිමින් මුද්දර ආශ්‍රිත සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීමටත්, මුද්දරය ප්‍රබල තොරතුරු මූලාශ්‍රයක් ලෙස භාවිත කරමින් දැනුම ගවේෂණය කිරීමේ සක්‍රීය සංස්කෘතියක් නිර්මාණය කිරීමටත් අප වැඩසටහන් පවත්වන්නෙමු.
පොත් නොවන වෙනස්ම මාදිලියේ කියවීමේ අත්දැකීමක් ලෙස මුද්දර සාහිත්‍යය හඳුනාගැනීමට ඔබත් කැමතිද?
මුද්දරය හරහා අලුත් ලොවක් දකින්න ...
"කියවන මුද්දර" අප හා එක්වන්න ...
නිරෝෂණ පීරිස් - විරංගා කුලරත්න
'කියවන මුද්දර'
අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්
දුරකථන : 0777 785607
© kiyawanamuddara 2020 | Solution by 4meli.com