kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


28
July
2026

මුද්දරයෙන් කියවෙන සෞඛ්‍ය වංශකථාව: "වෛද්‍ය මුද්දරවේදය" (Medical Philately)

"කියවන මුද්දර" විසින් ශ්‍රී ලංකා මුද්දර වංශයට අලුත්ම අධ්‍යාපනික හා පර්යේෂණාත්මක මූලධර්මයක් එක් කරමින්, "වෛද්‍ය මුද්දරවේදය" (මෙඩිකල් ෆිලටලි) විධිමත්ව හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

වෛද්‍ය මුද්දරවේදය යනු විනෝදාංශයකින් ඔබ්බට ගිය, මහජන සෞඛ්‍ය සන්නිවේදනය, ආකල්ප හා දැනුවත්භාවය සවිමත් කළ ප්‍රබල දෘශ්‍ය සන්නිවේදන මාධ්‍යයකි. එහිදී මුද්දර, මුල්දින කවර, විශේෂ මුද්දර සලකුණු සහ මුද්දර ආශ්‍රිතයන් ඇසුරින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඓතිහාසික සිදුවීම්, රෝග මර්දන ව්‍යාපාර, විශිෂ්ට විද්‍යාඥයින් හා වෛද්‍යවරුන්, වෛද්‍ය පර්යේෂණ මෙන්ම රෝහල් සංස්කෘතිය ආදිය ක්‍රමවේදානුකූලව අධ්‍යයනය කෙරේ.

මෙරට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිමානවත් කේන්ද්‍රස්ථානය මෙන්ම දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (National Institute of Health Sciences – NIHS) අභිමානවත් සංවත්සරික වැඩසටහන් මාලාවට සමගාමීව පැවැත්වෙන ශත සංවත්සර අධ්‍යාපනික ප්‍රදර්ශනය අතරතුර දී මෙම "මෙඩිකල් ෆිලටලි" ප්‍රවේශය ප්‍රථම වරට ජනගත කිරීමට අපේක්ෂිතය.

වෛද්‍ය විද්‍යාවේ හා මහජන සෞඛ්‍යයේ අතීත උරුමය සන්නිවේදනය වන අයුරු මුද්දර ඇසුරින් තේරුම් ගැනීමට සහ ඒ පිළිබඳ නවාංගයන් අධ්‍යයනය කිරීමට "කියවන මුද්දර" අපි ඔබට ආරාධනා කරමු.

දිනයන්: 2026 ජූලි 30, 31 සහ අගෝස්තු 01 තෙදින පුරා

ස්ථානය: පුස්තකාල පරිශ්‍රය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කළුතර

මුද්දරයේ දෘශ්‍ය අලංකාරයට එහා ගිය සෞඛ්‍ය සන්නිවේදන ඉතිහාසය කියවන්න...

ඔබත් කළුතරට එන්න!

විශේෂ ස්තුතිය: හේෂාන් ප්‍රනාන්දු සහ කිරූ නඩරාජා සොහොයුරන්ට



© kiyawanamuddara 2020 | Solution by 4meli.com