04
December
2025
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස හානි වී පවුල් අවතැන් වී සිදුවූ අප්‍රමාණ ව්‍යසනයේදී අපව එකට තබා ගෙන සිටින්නේ ප්‍රජාවේ ශක්තිය යි. ප්‍රජාවෙන් අපව එකමුතු කරන්නේ අන්‍යෝන්‍ය සහයෝගය, සාමූහික අනන්‍යතාවය, පිළිගැනීම සහ අගය කිරීම පිළිබඳ හැඟීමයි. යථා තත්ත්වයට පත්වීම යනු ව්‍යුහයන් නැවත ගොඩනැගීම පමණක් නොවේ. එය සාමූහික රැකවරණය, බෙදාහදාගත් වගකීම සහ සහයෝගීතාවය තුළින් ජීවිත නැවත මහපොළොවේ සිටුවීමයි.
විධිමත් ආධාර වලට ඉමහත් සහයක් වෙමින් අපගේ ප්‍රජාව ධෛර්යයෙන්, ත්‍යාගශීලීත්වයෙන් සහ විපතට පත් සැමට උපකාර කිරීමට නොසැලෙන කැපවීමකින් ඉදිරියට පැමිණෙයි. ඔවුන් බොහෝ දෙනෙකුගේ ජිවිතයේ බලාපොරොත්තුව බවට පත්වී දහස් ගණනකට ජිවන හුස්ම ලබා දෙමින් සිටියි. අපගේ ප්‍රජාවෙන් මේ මොහොතේ දක්වන සහනුකම්පාව විපතටපත් සැමගේ දීර්ඝකාලීන සුවය සඳහා අඩිතාලම බවට පත් වේවි.
යලි පුබුදින ශ්‍රී ලංකාවේ ඒ වෙනුවෙන් වෙහෙසෙන සැම ඇගයීම සදහා ඔබත් කෙටි පණිවුඩයක්, ස්තුති සටහනක් හෝ දිරිගන්වන වදනකින් ලියන්න. එම පැතුම සැමගේ විඩාව නිවාලනු ඇත. ඔවුන්ව තවදුරත් දිරිගන්වනු ඇත.
අපගේ ජනතාවට වඩාත්ම අවශ්‍ය වූ විට, ඔවුන් සමඟ සිටීම ගැන අපගේ ප්‍රජාවේ සැමට අපි අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු. ඔබගේ දයානුකම්පාව, ධෛර්යය සහ නොපසුබට කැපවීම, විශාල දුෂ්කරතාවන්ට මුහුණ දෙන සැමට බලාපොරොත්තුවක් ගෙන දී ඇත. මෙවන් අවිනිශ්චිත අවස්ථාවන් හිදී ඉදිරි ගමන් මඟ ආලෝකවත් කරන්නේ ඔබගේ ඒ කරුණාවයි. අඳුරුතම කාලවලදී පවා මනුෂ්‍යත්වය දීප්තිමත්ව බබළන බව ඔබේ ක්‍රියාවන් අපට මතක් කර දෙයි.
“ලිපියක් ලියන්න .. සිනහවක් ගෙන එන්න” ව්‍යායාමය ප්‍රජාව සැමවිටම අපව රැගෙන යන බව අපට මතක් කර දෙන, බොහෝ උණුසුම ගෙන යන සරලතම සද්ක්‍රියාවකි. ඒ සඳහා පිළියෙළ වූ මේ සමග ඇති තැපැල්පත, අයිල් ඔෆ් මෑන් තැපැල් කාර්යාලය මගින් අර්බුදකාරී කාලයන් තුළ දක්නට ලැබෙන කරුණාව, එකමුතුකම සහ ධනාත්මක බව සැමරීම සඳහා කළ මුද්දර අතුරින් එකක් වූ "ප්‍රජාව අපව ගෙන යනු ඇත" යන වාක්‍ය ඛණ්ඩය සහිත මුද්දරය අනුසාරයෙන් කල "කියවන මුද්දර" අපගේ නිර්මාණයකි.
ඔබගේ අතින් ලියන ලද හැඟීම්බර සිතුවිල්ලකට යමෙකුගේ මුළු දවසම දීප්තිමත් කළ හැකිය. අපිත් කරුණාව හදවතින් හදවතට ගමන් කරවමු.
ඉතින් ඔබත් ලියන්න; ඔබ වෙනුවෙන් ලියන්න; අන් අය වෙනුවෙන් ලියන්න. සොඳුරු සිතිවිල්ලක්, ධෛර්යවන්තකම ලබාදෙන සටහනක්, ආශීර්වාද ප්‍රාර්ථනයක් ලියන්න. මෙවන් අර්බුදයකදී ශක්තිය, ධෛර්යය සහ ආදරය යන තේමාවන් මත ඔබගේ ආශිර්වාදය ලෝකයට පතුරවන්න.
Community will carry us through
The strength of community is what holds us together in the midst of the immense devastation caused by Cyclone Ditva. Recovery is not just about rebuilding structures.
It is about putting lives back on the ground through collective care, shared responsibility and solidarity. In addition to the massive support provided by formal aid, our community is stepping forward with courage, generosity and an unwavering commitment to helping those in need. The community is united by a sense of mutual support, collective identity, acceptance and appreciation. The compassion shown by the community to all those affected at this time will be the foundation for their long-term recovery. They have become the hope of many lives and have given life to thousands.
We express our heartfelt gratitude to all those in our community for standing with our people when they needed it most. Your compassion, courage, and unwavering dedication have brought hope to all who face this great hardship. It is your kindness that lights the way forward in such uncertain times. Your gestures remind us that humanity shines bright even in the darkest of times.
In a regaining Sri Lanka, please write a short message, a thank you note, or a word of encouragement to appreciate your community. Your well-wishes will uplift the spirits of everyone and encourage them even further.
Sometimes it’s the simplest gestures that carry the deepest warmth. Our “Kiyawana Muddara/Reading Stamps” project “Send a Card and Bring a Smile” is sharing a small act of kindness that reminds us that community will always carry us through. To facilitate, the accompanying postcard was prepared based on the Isle of Man postage stamp with the phrase "Community Will Carry Us" - one of the stamps released to celebrate kindness, unity and positivity in times of crisis.
So please write; write for yourself; write for others. Write a sweet thought, a note of encouragement, and a wish for blessings. In these times of crisis spread your good thoughts to the world with strength, courage and love. A simple handwritten card, a thoughtful message, a moment of connection can brighten someone’s entire day. Let’s keep kindness moving from heart to heart.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com