12
November
2025
මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ ඒකාබද්ධ නිර්මාණ දෙපාර්තමේන්තුවේ නිර්මාණ ගෞරව උපාධියේ රිදී ජුබිලි උත්සවයේ දී උපාධියේ නිර්මාතෘ දිවංගත විද්‍යාජෝති සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා මහතාට උපහාර දැක්වීම පිණිස විශේෂ සමරු මුද්දරයක් 2025 නොවැම්බර් 12 දින නිකුත් කරන ලදී. මෙම ආලේඛ්‍ය රුව එහි සිතුවම් කර තිබුණි.
මහාචාර්ය ද සිල්වා වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ අතර, ශ්‍රී ලංකාවේ උරුමය අධ්‍යයනය කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා කළ දායකත්වය අතිමහත් ය. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ ගෘහ නිර්මාණ පීඨයේ පීඨාධිපති ලෙස විශිෂ්ට සේවයක් ඉටු කළේය. මහාචාර්ය ද සිල්වාගේ පුළුල් පර්යේෂණ, ගෘහ නිර්මාණ ශිල්පය සහ පුරාවිද්‍යාවට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී ගියේය. සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය, භූ දර්ශන සහ සිතුවම්, කලා ඉතිහාසය, ගොඩනඟන ලද උරුමයන් සංරක්ෂණය කිරීම, පුරාවිද්‍යාව, ශ්‍රී ලාංකික මූර්ති සහ ශිල්ප සම්ප්‍රදායන් පිළිබඳ ලියැවුණු කෘති තුළින් ඔහු අමිල දායකත්වයක් ලබා දුන්නේ ය. ඔහුගේ මෙම ශාස්ත්‍රීය ප්‍රකාශන, අදාළ ක්ෂේත්‍රවල ප්‍රධාන මූලාශ්‍ර වශයෙන් පවතී.
ඔහු වසර ගණනාවක් පුරා, කීර්තිමත් තනතුරු රැසක් හොබවමින් ජාතියට අගනා මෙහෙයක් ඉටුකරන ලදී. ඒ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, මනනුවර යුනෙස්කෝ–ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ සංරක්ෂණ අධ්‍යක්ෂක, ICOMOS හි සභාපති, ශ්‍රී ලංකා ජාතික භාරයේ සභාපති මෙන්ම 2012-2017 අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් තනතුරු ප්‍රමුඛ වෙයි.
ඔහු සැදූ උරුමය ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බට පර්යේෂකයින් සහ වෘත්තිකයන් පරම්පරා ගණනාවක්ම දිරිමත් කරනු ඇත.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com