05
November
2025
කියවන සමාජයක යහපැවැත්ම තිරසාර සංවර්ධනයෙහිලා මූලික අවශ්‍යතාවයකි. කියවීම, තොරතුරු ගවේෂණය මගින් ජනතාව විචාරශීලි සහ සංවේදී සහෘදයන් බවට පත්වේ.
ජාතික ජන බලවේගයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රී නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි අබේවික්‍රම මහත්මිය ඇතුළු නාගරික මන්ත්‍රී සංසදය විසින් සංවිධානය කරන ලද "කියවන මුද්දර", මුද්දර කියවීමේ අන්තර් ක්‍රියාකාරී සැසියක් 2025 නොවැම්බර් 05 දින අංගම්පිටිය කාර්යාලයේදී පැවැත්විණි. පාසල් දරුවන් සඳහා විශේෂිත වූ මෙම වැඩසටහනේදී ඉතිහාසය, සංස්කෘතිය සහ අනන්‍යතාව පිළිබඳ මුද්දර කියන කතාව අසා දැනගැනීමට බොහෝ පිරිසක් එක්විය. වැඩසටහන සහභාගී වූවන්ගේ පැසසුමට ලක්වූ අතර, එය සැමට අලුත් ආකාරයේ අත්දැකිමක් බව ප්‍රකාශ වීම සතුටට කරුණකි.
ලෝකයේ ජනප්‍රියතම විනෝදාංශය වන මුද්දර එකතු කිරීම පාසල් දරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධනයේ හා විනෝදාස්වාදයේ උපරිමය වෙත ළඟා විය හැකි මහඟු ක්‍රියාවලියකි. එය සෞන්දර්යාත්මක ඉගෙනුම් මෙවලමක් ලෙසින් අධ්‍යාපන විශේෂඥයින් හඳුන්වනු ලබයි. විෂය සමගාමී ක්‍රියාකාරකමක් වශයෙන් මුදද්දර එකතු කිරීමේ විනෝදාංශය ප්‍රදේශයේ පුස්තකාලද සම්බන්ධ කරගනිමින් සංවර්ධනය කිරීම අපගේ බලාපොරෝත්තුවයි.
මෙම වැඩසටහන සඳහා කියවන මුද්දර අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com