30
October
2025
කළුතර බාලිකා විද්‍යාලයේ "කැකුළු කොදෙව්ව මුද්දර සමාජය" මගින් සංවිධානය කරන ලද Legacy '25 මුද්දර ප්‍රදර්ශනය 2025 ඔක්තෝබර් 30 දින පාසල් පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. Philatelic Association of Sri Lanka - PASL සංගමයේ ගාමිණී සිල්වා මහතා, විද්‍යා සිරිවර්ධන මහතා සමග "කියවන මුද්දර" අපටද ඒ සඳහා ආරාධනා ලැබුණි.
මුද්දර සංගමයේ සාමාජිකාවන් ඉතා උනන්දුවෙන් සහ දැනුම්වත් බැවින් යුතුව මුද්දර ප්‍රදර්ශක ඉදිරිපත් කර තිබුණි. එහි හෘදයංගම විශේෂත්වය වූයේ සංගමයේ ජේෂ්ඨ සාමාජිකාවන් විසින් ඒ පිළිබඳ ගුරු හරුකම් සිය කනිෂ්ඨ සාමාජිකාවන්ට ලබා දී ඔවුන්ට ද ප්‍රදර්ශක නිර්මාණය සඳහා අවස්තාව උදා කර දී තිබීමයි.
පාසල් මුද්දර සමාජයක් ලෙස කළුතර බාලිකා විද්‍යාලයේ කැකුළු කොදෙව්ව මුද්දර සමාජය ඉතා ක්‍රියාකාරීව කටයුතු කරයි. එම ජවය සමස්ථ පාසල් පද්ධතිය සඳහා ම ලබාදීමට විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස මුද්දර එකතු කිරීම සහ මුද්දර කියවීම සඳහා පොදුවේ සියලුම පාසල් දරුවන් සහ ගුරුවරුන් අතර පුහුණු කල හැකි බව අපගේ අදහසයි.
උද්යෝගිමත් පාසලක, ක්‍රියාකාරීව මුද්දර විනෝදයේ යෙදෙන්නන් හමුවීම අපට ද ඉතා සතුටු අවස්ථාවකි.
කළුතර බාලිකා විද්‍යාලයේ මුද්දර විනෝදය එකතු කිරීමෙන් ඔබ්බට රැගෙන යාම සඳහා ඔවුන් පෙරගමන් කරුවන් වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com