23
October
2025
2025 ජාතික කියවිමේ මාසයට සමගාමීව කුලියාපිටිය අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල සියවස පුස්තකලය සංවිධානය කරන ලද මුද්දර කියවීමේ කඳවුර ගරු නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ඔක්තෝබර් 23 දින කුලියාපිටිය නගර සභා ශාලාවෙිදී ඉතා සාර්ථකව පැවැත්විණි.
කුලියාපිටිය නාගරික බලප්‍රදේශයේ තෝරාගත් පාසැල් කිහිපයකම ශිෂ්‍ය නායක සහ මුද්දර සංගම් සාමාජික දූදරුවන් වෙනුවෙන් පැවති මෙම මුද්දර කියවීමේ කඳවුර සඳහා කුලියාපිටිය මාධ්‍ය මහා විද්‍යාලය, සාරනාත් විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, සුරදූත බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් දරුවන් ගුරු භවතුන් 150කට අධික සංඛ්‍යාවක් එක්විය.
මෙහිදී එකතු කිරීමට සමගාමීව පෙළපොත්, අතිරේක කියවීම් හා වටපිටාව තුලින් මුද්දර කියවා ගැනීම පිළිබඳව ඔවුනට කෙටි ප්‍රයෝගික පුහුණුවක් ලබා දෙන ලදී.
මෙම "කියවන මුද්දර" කියවීමේ කඳවුර, පොත්, මුද්දර එකතු කිරීමේ සංස්කෘතිය සහ කුතුහලය අතර නිර්මාණාත්මක පාලමකි. පොත් කියවීම සඳහා සමරු මුද්දර භාවිත කිරීම තුලින් දරුවන් පොත පත කෙරෙහි වැඩිදුර ආකර්ෂණයක් ඇති කර ගැනීමත්, ඒ තුලින් පුස්තකාල සේවාවන් ප්‍රවර්ධනය කිරීමත් සිදුවෙයි.
ගරු නගරාධිපතිතුමන් සහ නාගරික මන්ත්‍රීවරුන්ද, ගරු ලේකම්තුමියගේද මඟපෙන්වීම යටතේ අපගේ "කියවන මුද්දර" වැඩසටහන පිළිබඳව පෙර අත්දැකීම් සහිත ඊරියගොල්ල සියවස පුස්තකලයේ පුස්තකාලාධිපතිනිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවන් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා කල වෙහෙසීම අතිමහත් ය.
කියවීම ප්‍රවර්ධනය කිරීමේ ඔවුනගේ දැක්ම සඳහා අනාගතයේදී පුස්තකාලයේ මුද්දර තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම පිළිබඳව පුස්තකාලයාධිපතිවරියට සහ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් පළ කළ යුතුය. ඔබගේ උත්සාහයන් ප්‍රජාව තුළ කියවීම සහ ඉගෙනීම සඳහා ඇල්මක් සැබවින්ම පෝෂණය කරනු ඇත.
එය සාර්ථක කරගැනීම සඳහා අවැසි උපරිම සහයෝගය අපි නිබඳවම ලබා දෙන්නෙමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com