kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


23
September
2025

සංස්කෘතික මතකයේ ජංගම උරුමය

මුද්දරයක් යනු ඉතිහාසයේ විරාමයක් සහ ජීවමාන සංස්කෘතික පාඨයකි; නව ඓතිහාසික සන්දර්භයන් තුළ සංසරණය වන නිශ්චල රූපයකි. එය රූපයක්, සිදුවීමක් හෝ අවස්ථාවක් තෝරාගෙන තනි දෘශ්‍ය ස්වරූපයකට ඝනීභවනය (freeze) කරයි. එය යම් මොහොතක ඉතිහාසය නවත්වන අතර, සංස්කෘතික මතකයේ ජංගම උරුමයක් බවට පත්වෙයි.
මුද්දරය හමුවන සෑම අවස්ථාවකම, අපි ඒ මොහොතට නැවත පැමිණෙයි. එය දකින, එකතු කරන හෝ අධ්‍යයනය කරන සෑම අවස්ථාවකම නව අර්ථකථන සන්දර්භයන් ඊට නැවතත් ඇතුළත් කරයි. ඒවායේ නිදර්ශන සහ සංකේතවාදය හරහා රටක ජයග්‍රහණ, ජනතාව සහ ආඛ්‍යාන (narrative) ප්‍රවර්ධනය කරයි. මුද්දර අධ්‍යයනය කිරීමෙන් ජාතියක සමාජ, සංස්කෘතික සහ දේශපාලනික භූ දර්ශනය පිළිබඳ අන්තර් විෂය අවබෝධයක් ලබා ගැනීමටත්, නිල ඓතිහාසික වාර්තාවලින් ඔබ්බට සාමූහික මතකය ආරක්ෂා කිරීමටත් ඉඩ සලසයි.
2025 ජුනි 31 දින ස්පාඤ්ඤයේ නිකුත් කරන ලද ලා වුල්ටා (La Vuelta) සමරු මුද්දරයෙන් එම රටේ වඩාත්ම ප්‍රකට විවෘත පාපැදි තරඟය නිරුපණය වන අතර, එය ලෝකයේ වඩාත්ම කීර්තිමත් ක්‍රීඩා සැණකෙළියක් ලෙස පිළිගැනේ. ක්‍රීඩාවෙන් ඔබ්බට මෙම තරඟය පාරිසරික වශයෙන් වගකිවයුතු ක්‍රමයක් සඳහා වන කැපවීම ශක්තිමත් කරයි; ජීවන රටාවක් ලෙස බයිසිකල් පැදීම ප්‍රවර්ධනය කරයි; එය සමාජීය අරමුණු සඳහා සහාය වන අතර, බයිසිකල් පැදීමට හිතකර ගමනාන්තයක් ලෙස ස්පාඤ්ඤයේ අගය තවත් ඉහළ නංවයි.
එන්න, ඔබත් මුද්දර දෙස අලුත් ඇසකින් බලන්න ...



© kiyawanamuddara 2020 | Solution by 4meli.com