09
June
2025
මුද්දර එකතු කිරීම යනු කලාවක් පමණක් නොව ආදරය, සමජානුයෝජනය සහ ඉගෙනීමේ ගමනක් බව එහි නිරතවන්නන් දනිති. ඒ ගමනේදී ඉතා වටිනා මුද්දර එකතුවක් ත්‍යාග ලෙස හිමිවීම සුවිශේෂී අවස්ථාවකි. විශේෂයෙන් ඒවා අනපේක්ෂිත ලෙස පැමිණෙන විට සතුට තවත් ඉහලය. මෙවන් අවස්ථාවන් එය ලැබුණු මොහොතට පමණක් නොව සදාකාලික මතකයකටම හැරෙයි. සමහර විට, සරලම තෑගි විශාලතම ප්‍රීතිය ගෙන දෙයි. එය සෙනෙහසින්, අහිංසක උද්යෝගයකින්, හෝ සරල ආදරයකින් පිරුණු තෑග්ගක් වශයෙන් දැනෙයි. මුද්දරයට පමණක් නොව, එය ලැබුණු ආකාරයටද මතකයේ වටින තැනක් හිමිවෙයි.
පසුගිය දිනෙක එවන් අමතක නොවන මුද්දර සහ ආශ්‍රිත අයිතම එකතුවක් සුන්දර ත්‍යාගයක් ලෙස අපට හිමිවිය. භාවිත කල හා නොකළ ඉපැරණි හා මෑත කාලීන දෙස් විදෙස් මුද්දර, මුල්දින කවර සහ තවත් අයිතම රැසක් එම එකතුවට අඩංගු විය.
මුද්දර එකතු කිරීම කෙතරම් පුදුමවත් වුවත්, එයට ආශිර්වාදයක් සේ තවත් මුද්දරයක් එක්වූ විට එයට තවත් සජීවී, සතුටුදායක හා ආත්මීය අර්ථකතනයක් ලැබෙයි. මුද්දරය ඉගෙනුම් උපකරණයක් සේ සලකා කටයුතු කරන අපට එය තවත් ආකාරයකින් වැදගත් වෙයි. මුද්දර කියවීම විෂයක් ලෙස දෘශ්‍ය මූලික වන බැවින්, සැබෑ නිදර්ශක එම අධ්‍යාපනික කටයුත්තට ඉතා වැදගත් වෙයි. ඒ සඳහා මෙම එකතුවද අගනා පිටිවහලක් වනු ඇත.
ඔබ අපවෙත ලබාදුන් එකතුවෙන් පෙරලා සමාජයට ගලා යන්නේ නව දැනුමකි. එබැවින් මුද්දර එකතු කිරීමට මුල්වූ සහ සුරක්ෂිත කල සැමටත්, පරිත්‍යාග කල ඔබගේත් සමාජ මෙහෙවරට අපගේ හදපිරි ස්තුතිය පුද කරන්නෙමු.
The Joy of an Unexpected Gift
There is a quiet magic in receiving the simplest of gifts—especially when they arrive unannounced. Their beauty lies not in extravagance, but in the warmth, thoughtfulness, and affection they carry. Such gestures have the power to linger in our hearts, becoming cherished memories that time cannot erase.
For those who immerse themselves in the world of philately, stamp collecting is far more than a hobby. It is a delicate art, a journey of curiosity, connection, and love. Along this journey, receiving a meaningful stamp collection as a gift is a rare and touching milestone—made all the more special when it comes without warning.
The joy of such a gift is profound. It’s not only the value of the stamps themselves, but also the way they are given that becomes etched into memory. A gift like this speaks of passion shared, knowledge passed on, and a spirit of generosity that transcends generations.
Recently, we were honored to receive such a gift—a rich and unforgettable stamp collection, accompanied by related items that span decades and continents. From vintage and contemporary local and international stamps to first day covers and other precious memorabilia, this collection is a true treasure.
Stamp collecting, in its essence, is deeply fulfilling. But when a collection is gifted with love, it takes on new meaning—becoming more vibrant, more inspiring, and almost spiritual in nature. For us, who embrace stamps not only as collectibles but as tools of learning, this donation holds even greater significance. Since stamp reading is inherently visual, the opportunity to engage with real specimens greatly enriches the educational experience. This gift will undoubtedly become an invaluable resource in our efforts to teach and inspire.
Through this collection, new knowledge and insight will flow into our community. And so, with hearts full of gratitude, we thank all those who collected, preserved, and ultimately chose to share this treasure with us. Your generosity will continue to educate, delight, and connect people for years to come.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com