18
March
2024
කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවියකු වශයෙන් විසල් ජනප්‍රසාදයක් දිනාගත් මීමන ප්‍රේමතිලකයන් ලාංකීය දියඇලි සාහිත්‍යයේ පුරෝගාමියා බව ‘ශ්‍රී ලංකාවේ දිය ඇලි' නම් කෘතිය සම්පාදනය කරන ධර්මන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.
“වල් අලින් සහ වැද්දන් මැද” කෘතියේ දියලුම ඇල්ල පිළිබදව ප්‍රේමතිලකයන්ගේ මනරම් වැයුම මෙලෙසිනි:
"ශ්‍රේෂ්ඨත්වය හා සම්බන්ධ නිහතමානී භාවය ගැන ද දියලුම පාඩමක් උගන්වයි. ප්‍රතාපවත් අන්දමින් ගල්පර ගොඩකට ඇද වැටී කිසිවකු නොදත් විලස දියවැල් යළිත් සාමාන්‍ය දියවැල් මෙන් පාලම යටින් වනගත පෙදෙසට ඇදී යන අන්දම දකින කාහට වුවද ඇති වන්නේ සංවේගයක් මුසු ආදරයකි. දියලුම අනුන්ගේ හරි වැරදි ගැන කිසිවක් නොසිතා කරන වැඩෙහිම නියැළි ශ්‍රේෂ්ඨ කාන්තාවක් වැන්න."
දියලුම, දුන්හිද සහ රාවනා ඇල්ල මෙන්ම බෝගොඩ පාලම, දෙමෝදර ආරුක්කු නවයේ පාලම සහ රේල් ගැටේ ගැන අලුත් මානයකින් කියවන්න.
"කාලය ඇවිත්" (It's About Time) ජංගම ඉතිහාස කෞතුකාගාර ප්‍රදර්ශනයට ඔබත් එන්න...
2024 මාර්තු 19 සිට 26 දක්වා පෙ.ව 08:00 සිට ප.ව 05:00 වන තෙක්
බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ..
"කියවන මුද්දර" බදුලු සවාරිය ..
© kiyawanamuddara 2020 | Solution by 4meli.com