16
May
2025
යුරෝක්ලියෝ (EuroClio) - යුරෝපීය ඉතිහාස අධ්‍යාපනඥයින්ගේ සංගමයේ "සබැඳි ඉතිහාසය" ("Histories that Connect") ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද තෙදින නේවාසික වැඩමුළුව ඉතා සාර්ථකව 2025 මැයි 16–18 දිනවල කොළඹදී පැවැත්විනි. කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ ලයිට් හවුස් ශ්‍රවණාගාරදී පැවති සමාරම්භක උළෙලින් අනතුරුව දින දෙකක් පුරා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී දේශනා සහ වැඩමුළු පැවැත්විණි. දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පාසල් සහ විශ්ව විද්‍යාලීය ඉතිහාස ගුරුවරුන්, ලේඛනාගාර සහ කෞතුකාගාර වැනි සංස්කෘතික උරුම ආයතනවල සේවය කරන අධ්‍යාපන කාර්ය මණ්ඩලය, ඉතිහාසඥයින් සහ පර්යේෂකයින් රැසක් මේ සඳහා එක්විය.
Histories that Connect – Sri Lanka ව්‍යාපෘතිය Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH හි ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ (Strengthening Reconciliation Processes - SRP) වැඩසසහයෝගීත්වයෙන් 2020 දී ආරම්භ කරන ලදී. GIZ හි සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම (Strengthening Social Cohesion and Peace - SCOPE) වැඩසටහන, යුරෝපීය සංගමය (European Union) සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය (German Federal Foreign Office) විසින් ව්‍යපෘතිය සදහා සම -මූල්‍යකරණයෙන් අධිකරණ අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලැබිණි. EuroClio විසින් SCOPE සහ ඓතිහාසික සංවාද සහ මතකය සඳහා වූ සාමූහිකය (Collective for Historical Dialogue and Memory-CHDM )සමඟ සහයෝගයෙන් ව්‍යාපෘතිය කළමනාකරණය කෙරුණි. බහුත්වවාදී සමාජවල අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඉතිහාසය ඉගැන්වීම සහ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනයට දායක වීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ විය.
තෙදින වැඩමුළුවේදී නිදහස් චතුරශ්‍රය, ජාතික කෞතුකාගාරය සහ Dutch Burgher Union වෙත විශේෂිත චාරිකා සංවිධානය වූ අතර "කියවන මුද්දර" අපගේ දේශනයක්ද පැවැත්විණි. "ඉතිහාස අධ්‍යාපනයේදී මූලාශ්‍ර සමඟ වැඩ කිරීමේ ගුරු මාර්ගෝපදේශය" නැතහොත් "ඉතිහාසය ඉගැන්වීම සඳහා තැපැල් මුද්දරය දෘශ්‍ය ආධාරකයක් කරගැනීමේ පියවර" පිළිබඳව සහ තෝරාගත් සමරු මුද්දරයක ඉතිහාසය අතිරේක මුලාශ්‍ර සමඟ කියවීම පිළිබද දැනුම අපි ඔවුන් සමඟ බෙදා ගතිමු.
ජුඩිත් පෙරේරා, නිලන්තිනි චෙන්තුරන්, පවන් විජේසිංහ, බුද්ධිෂ වීරසූරිය, මහේෂ කාරියප්පෙරුම, මහාචාර්ය ජගත් වීරසිංහ, ක්‍රිස්ටෝෆ් ෆෙයින්, අචාර්ය ගංගා දිසානායක වැන්නවුන්ගේ නෙක වැඩසටහන් සමගින් මෙම වැඩමුළුව ඉතා සාර්ථක නිමාවට පත්විය.
මෙම ව්‍යාපෘතිය සඳහා අපව සම්බන්ධ කරගැනීම පිළිබඳව Tanuja Thurairajah, Sulakshana de Mel, Johann Peiris, Andreas Holtberget, Susanne popp, Steven Stegers, Dharshika Kadirvel, Ashfaque Mohamed, Buddisha Weerasuriya, Hiranyada Dewasiri, Elise Storck, Eugenie Khatschatrian, Jannike Riesch, M. Mahir, Nilshan Fonseka ඇතුළු සැමට "කියවන මුද්දර" අපගේ කෘතවේදීත්වය සිහිපත් කරන්නෙමු.
ගුරු මාර්ගෝපදේශය සඳහා පිවිසෙන්න : https://euroclio.eu/.../teachers-guide-working-with.../
© kiyawanamuddara 2020 | Solution by 4meli.com