17
May
2023
අයර්ලන්තය 1961 දී යුරෝපා සංගමයේ සාමාජිකත්වය සඳහා ප්‍රථම වරට අයදුම් කල අතර, 1973 ජනවාරි 1 වන දින සිට එය ක්‍රියාත්මක විය. අයර්ලන්තය යුරෝපීය ප්‍රජාවන්ට European Communities-EC (වර්තමානයේ යුරෝපීය සංගමය) සම්බන්ධ වු එම ඓතිහාසික සිදුවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අයර්ලන්ත තැපැල් සේවය (An Post’s) 2023 ජනවාරි 05 දින මුද්දරයක් එළිදක්වා තිබේ.
කීර්තිමත් අයර්ලන්ත නිර්මාණකරුවෙකු වන ගර් ගාර්ලන්ඩ් (Ger Garland) විසින් නිර්මාණය කරන ලද මෙම මුද්දරය, යුරෝපා සංගමයේ මූලික වටිනාකම් ලෙස සැලකෙන මානව ගරුත්වය (Human Dignity), නිදහස (Freedom), ප්‍රජාතන්ත්‍රවාදය (Democracy), සමානාත්මතාවය (Equality), නීතියේ ආධිපත්‍යය (Rule of Law) සහ මානව හිමිකම් (Human Rights) යන කරුණු හය මත සැලසුම් කර තිබේ. එමෙන්ම 1973 දී යුරෝපීය සංගමයේ සාමාජික සංඛ්‍යාව සංකේතවත් කිරීම සඳහා EU හි ධජයේ තරු දොළහෙන් නවයක් පමණක්ද මෙහි ප්‍රදර්ශිතය.
මුද්දරයේ ප්‍රතිනිෂ්පාදනය කරන ලද රූපය එම ජාතියේ අනන්‍යතාවය තහවුරු කරන සලකුණු ලෙස පිළිගනු ලබන අතර, නිශ්චිත පණිවිඩයක් සන්නිවේදනය කිරීම සඳහා සමරු මුද්දර නිකුත් කිරීම ඉතා සැලසුම් සහගත කටයුත්තකි. අයර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම සමරුව සදහා පුළුල් වැඩසටහනක් සැලසුම් කර ඇති අතර, ඩබ්ලින් (Dublin) අගනුවර තැපැල් කණු ගණනාවක් මෙම තේමාව පාදක කර අලංකාරවත් කර ඇත. මෙම සමරු මුද්දරය නූතන අයර්ලන්තයේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ජීවිතයේ ප්‍රධාන මොහොතයන් සිහිපත් කරන බව අයර්ලන්ත තැපැල් සේවය පවසයි. එහි සරල සහ සැලසුම් සහගත නිර්මාණය රාජ්‍ය ප්‍රතිපත්තියන්හි සන්නිවේදක කාර්යයක් ඉටු කරයි. මුද්දර යනු එදිනෙදා ජීවිතයේ කුඩා නමුත් ප්‍රත්‍යක්ෂ කොටසක් වන අතර, එමඟින් ආර්ථික වර්ධනයේ සිට පාරිසරික ආරක්ෂාව දක්වා, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාන වැටුප් නීති සම්පාදනයේ සිට අපගේ එදිනෙදා ජීවිතයට බලපා ඇති දේශගුණය, බලශක්තිය, සංචාරය සහ සාමය පිළිබඳව යුරෝපා සංගමයේ දැක්ම අයිරිෂ් ජාතිකයින්ට මතක් කිරීමට මෙම මුද්දර සේවය කරනු ඇත.
ඔස්ට්‍රේලියානු කලා ඉතිහාසඥයින්ගේ ඩොයින් බර්නාඩ් ස්මිත් (Doyan Bernard Smith) දක්වන පරිදි “රූපයක් යනු තොරතුරුයි" (An image is information). තාක්ෂණය, සමාජ මාධ්‍ය හෝ වෙනත් සන්නිවේදන ක්‍රමවේද සඳහා ඉහල විභවයක් සහිත රටක් වූවද අයර්ලන්ත තැපැල් සේවය සාම්ප්‍රදායික තැපැල් සේවය සහ මුද්දරය පුළුල් ප්‍රචාරක මාධ්‍යයක් ලෙස භාවිතා කරයි. එවැනි නිර්මාණාත්මක තැපැල් සේවාවන්හි ගුණාත්මක නිර්මාණ ගෝලීය මුද්දර සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහා අනගි සහයක් ලබා දෙයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com